
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන රථවාහනවල ගමන් කරන විට ආසන පටි පැළඳීමෙන් තොරව නීති උල්ලංඝනය කළ මගීන් සහ රියදුරන් 3,000කට ආසන්න පිරිසකට එරෙහිව මේ වන විට නීතිමය පියවර ගෙන තිබේ.
පොලිස් රථවාහන කළමනාකරණ හා මාර්ග ආරක්ෂණ කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් පී ජේ සෙනෙවිරත්න මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ, රියදුරන් සහ මගීන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමේ මූලික අරමුණින් මෙම නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවයි.
මාර්ග භාවිතා කරන්නන්ට දඩ මුදල් පැනවීම පමණක් මෙහි අරමුණ නොවන බවත්, එය සම්පූර්ණයෙන්ම මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් සිදු කරන්නක් බවත් ඔහු අවධාරණය කර ඇත.
අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන වාහන සඳහා පැයට කිලෝමීටර 100ක උපරිම වේගයකින් ධාවනය කිරීමට අවසර දී තිබේ.
එවැනි පසුබිමක හදිසියේ තිරිංග ක්‍රියාත්මක කිරීමේදී හෝ අනතුරක් සිදුවන අවස්ථාවක ආසනපටි නිසි ලෙස පැළඳ නොසිටීම මගීන්ට බරපතල තුවාල සිදුවීමේ හෝ ජීවිත අනතුරට ලක්වීමේ අවදානම දැඩි ලෙස ඉහළ නංවන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දී ඇත.
මෙහි සැබෑ ප්‍රයෝජනය පැහැදිලි කිරීම සඳහා ඔහු උදාහරණයක්ද ලෙස ආසන පටි නීතිය දැඩි කළ දිනට පසුදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 11ක් එකිනෙක ගැටීමෙන් සිදුවූ බරපතල අනතුරක් පෙන්වා දී තිබේ.
එම අනතුරට මුහුණ දුන් මගීන්ට සිදුව ඇත්තේ සුළු තුවාල පමණක් වන අතර, කිසිදු මරණයක් වාර්තා වී නොමැත.
අධිවේගී මාර්ගවල සිදුවන අනතුරුවලදී මගීන්ගේ තුවාල ලැබීමේ බරපතලකම අවම කිරීමට ආසනපටි කෙතරම් ඵලදායීද යන්න මෙම සිදුවීමෙන් මනාව තහවුරු වූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
එබැවින්, පොලිස් දඩ මුදල්වලින් හෝ නීතිමය ක්‍රියාමාර්ගවලින් බේරීම සඳහා පමණක් නොව, තමන්ගේ වටිනා ජීවිත ආරක්ෂා කර ගැනීමේ අත්‍යවශ්‍ය ආරක්ෂක පියවරක් ලෙස ආසනපටි පළඳින ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
නීති කඩ කරන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම හරහා ගමන් කිරීමේදී ආසන පටි පැළඳීමේ වැදගත්කම පිළිබඳව පුළුල් ජනතා දැනුවත්භාවයක් ඇති කිරීම ද අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart