
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් සැකපිට පසුවන ‘බැකෝ සමන්’ ලෙස අන්වර්ථ නාමයෙන් හඳුන්වන නිර්මල ප්‍රසංග නමැත්තාට අයත් බව කියන දේපළ සහ බැංකු ගිණුම් අත්හිටුවීමට (තහනම් කිරීමට) පොලිස් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් නියෝගයක් නිකුත් කර ඇත.
අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කර ඇති මෙම නියෝගය වැඩකරන දින 14 ක කාලයක් සඳහා බලපැවැත්වේ.
මෙම අත්හිටුවීමේ නියෝගයට අයත් වත්කම් අතර රුපියල් මිලියන 20 ක් පමණ වටිනා සුඛෝපභෝගී මෙර්සිඩීස්-බෙන්ස් (Mercedes-Benz) රථයක් සහ පෞද්ගලික බැංකු දෙකක තැන්පත් කර ඇති රුපියල් මිලියන 20 ක ස්ථාවර තැන්පතු දෙකක් ඇතුළත් වේ.
විමර්ශකයන්ට ලැබී ඇති තොරතුරුවලට අනුව, නිමන්ති ෆොන්සේකා නමැති කාන්තාවකගේ නමින් මෙම දේපළ හා වත්කම් උපයාගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී.ඩබ්ලිව්. වික්‍රමසේකරගේ අධීක්ෂණය යටතේ මෙම වත්කම් පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart