
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉරාන පාලන තන්ත්‍රයේ නීතිවිරෝධී ආදායම් මාර්ග අක්‍රීය කිරීමට සහ එම පාලන තන්ත්‍රය සමඟ ගනුදෙනු කිරීමේදී පවතින අවදානම පිළිබඳව ගෝලීය වශයෙන් දැනුවත්භාවය ඉහළ නැංවීමට එක්සත් ජනපදය තම මිත්‍ර පාක්ෂිකයන් සහ පාර්ශවකරුවන් සමඟ එක්ව කටයුතු කරමින් සිටින බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය පවසා තිබේ.
ඒ පිළිබඳ වාර්තා කරමින් dailymirror පුවත්පත පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා මුහුදු සීමාවට ආසන්නයේ තිබෙන ඉරාන නෞකා සම්බන්ධයෙන් යම් කනස්සල්ලක් මතු කර තිබේදැයි කළ විමසීමකට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කර ඇත්තේ, පෞද්ගලික රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවල අන්තර්ගතය පිළිබඳව අදහස් දැක්විය නොහැකි බවයි.
කෙසේවෙතත් අමෙරිකානු සම්බාධක පිළිබඳව මෙන්ම සම්බාධක පනවා ඇති නෞකා පිළිබඳ තොරතුරු, ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය හරහා ප්‍රසිද්ධියේ ලබාගත හැකි බව තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු පවසා තිබේ.
එම නෞකාවලට යම් සහනයක් හෝ සහයක් ලබා දුන හොත් පැනවෙන සම්බාධක පිළිබඳව කළ විමසීමට පිළිතුරු දෙමින් තානාපති කාර්යාල ප්‍රකාශකයා පවසා ඇත්තේ සමුද්‍රීය සම්බාධක මගහැරීම වැළැක්වීමේ පුහුණුව සම්බන්ධයෙන් පසුගිය සැප්තැම්බර් 25 වැනිදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දක්වා ඇති පරිදි සම්බාධක පනවා ඇති නෞකාවල මෙහෙයුම් කටයුතු සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් බ්‍රෝකර්වරුන්, ඉන්ධන සැපයුම්කරුවන් සහ භාණ්ඩ සහතික කරන්නන් ඇතුළු පාර්ශව රැසකට මීට පෙරද එක්සත් ජනපදය විසින් සම්බාධක පනවා ඇති බවයි.
එබැවින් සම්බාධක පනවා ඇති නෞකාවකට ඉන්ධන, ආහාර හෝ වෙනත් ද්‍රව්‍යමය පහසුකම් සැපයීම හරහා අදාළ සමාගම් සහ පුද්ගලයන් සිවිල් හෝ අපරාධ වගකීම් ඇතුළු එක්සත් ජනපද සම්බාධක අවදානමට ලක්විය හැකි බව ද එමගින් අවධාරණය කර තිබේ.
මේ අතර, විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් එම පුවත්පත වාර්තා කර ඇත්තේ ඇමෙරිකාව විසින් පනවා ඇති මෙම ද්විතීයික සම්බාධක ඔවුන්ගේ පොදු ප්‍රතිපත්තිමය ස්ථාවරය අනුව ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන්නක් මිස, එය ශ්‍රී ලංකාවට හෝ වෙනත් කිසියම් නිශ්චිත රටකට පමණක් ඉලක්ක කරගත් එකක් නොවන බවත්ය.
එම ප්‍රකාශකයාට අනුව, අගෝස්තු 24 වන දින ඇමෙරිකාව විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම ද්විතීයික සම්බාධක මගින් පැහැදිලි කෙරෙන්නේ, එක්සත් ජනපද සම්බාධකවලට ලක්වූ නෞකාවලට යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් යම් සේවාවක් සැපයුවහොත්, ඔවුන්ට එක්සත් ජනපද මූල්‍ය පද්ධතිය වෙත ඇති ප්‍රවේශය අහිමි වීමේ අවදානමක් පවතින බවයි.
පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ මෙවැනි නෞකා ඉන්දියන් සාගරයේ පමණක් නොව අනෙකුත් සාගර කලාපවලද පවතින බවත්, මෙම එක්සත් ජනපද ද්විතීයික සම්බාධක ලොව පුරා එක හා සමානව බලපැවැත්වෙන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart