
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාලසීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද නියම කළේය.
අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබූ ඥානසාර භික්ෂුවව බන්ධනාගාර නිලධාරීන් විසින් අද අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි..
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ඥානසාර භික්ෂුවට පනවනු දඩුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට නියම කළේය.
නියෝගය මායාදුන්නේ කොරයා සහ ලක්මාලී කරුනානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල නිවේදනය කළහ.
පසුගිය ඔක්තෝබර් 1 වැනිදා ඥාණසාර භික්ෂුව දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් අභියාචනාධිකරණයෙන් විවෘත්ත වරෙන්තු නිකුත් කෙරිණි.
එදින විවෘත වරෙන්තුව පොලිස්පතිවරයා මාර්ගයෙන් ක්‍රියාත්මක කරන ලෙස නියෝග කළ අභියාචනාධිකරණය උන්වහන්සේට රටින් පිටවීම වලක්වමින් විදේශ ගමන් තහනමක්ද පැනවීය.
අනතුරුව ඉකුත් සෙනසුරාදා දින තීනායාවල ආරණ්‍ය සේනාසනයකදී සැඟව සිට ඥාණසාර හිමි අත්අඩංගුවට ගැනිණි.
අත්අඩංගුවට ගත් භික්ෂුව ඊයේ සවස 5.30ට පමණ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර පසුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
ඒ අනුව අද නඩුව කැඳවු අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් විත්තිකාර ගලගොඩඅත්තේ ඥාණසාර හිමි අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart