
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැදපෙරදිග දිග්ගැස්සුණු යුද ගැටුම්, ගෝලීය වෙළෙඳ අවිනිශ්චිතා සහ එල් නිනෝ තත්ත්වයන් හේතුවෙන් මතුවන ආර්ථික අවදානම් හමුවේ, දේශීය ඉන්ධන මිල අන්තර්ජාතික වෙළඳපොළ මිල ගණන් සමඟ ගමන් කිරීමට ඉඩ හරින ලෙස අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ.
ශ්‍රී ලංකාව සමඟ ක්‍රියාත්මක වන සිව්අවුරුදු විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහනේ හත්වැනි සමාලෝචනයට අදාළව කාර්ය මට්ටමේ එකඟතාවකට පැමිණීමෙන් අනතුරුව IMF මේ බව ප්‍රකාශ කර ඇත.
මෙම අර්බුදකාරී තත්ත්වයන් මධ්‍යයේ වුවද, 2026 දෙවැනි කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය 4.2% කින් වර්ධනය වී ඇති අතර, එය අඛණ්ඩ වර්ධන කාර්තු 11 ක් සනිටුහන් කර තිබේ.
සැප්තැම්බර් මාසයේදී ප්‍රධාන උද්ධමනය 8% ක් ලෙස වාර්තා වූ අතර, අගෝස්තු මස අවසන් වන විට දළ නිල විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 6.9 දක්වා වර්ධනය වී ඇත.
බැංකු පද්ධතිය හොඳින් ප්‍රාග්ධනීකරණය වී ඇති අතර, පළමු භාගයේ මූල්‍ය ක්‍රියාකාරීත්වය ද ශක්තිමත්ව පවතී.
කෙසේවෙතත්, බාහිර කම්පන හේතුවෙන් උද්ධමනයට සහ විදේශ විනිමය සංචිතවලට එල්ල විය හැකි පීඩන පාලනය කර ගැනීමට අඛණ්ඩ මූල්‍ය විනය පවත්වාගැනීම අත්‍යවශ්‍ය බව IMF මෙහෙයුම් ප්‍රධානී ඊවන් පැපජෝර්ජියු අවධාරණය කර ඇත.
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් අන්තර්ජාතික ඉන්ධන මිල ඉහළ ගියහොත්, පුළුල් සහනාධාර මඟින් පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට යෑමෙන් රජයේ මූල්‍ය ස්ථාවරත්වයට සහ ණය තිරසරභාවයට බලපෑම් ඇතිවිය හැකි බව අරමුදල පෙන්වා දී තිබේ.
ඒ වෙනුවෙන්, පුළුල් මිල පාලනවලට වඩා දිළිඳුකම ඉලක්ක කරගත් සීමිත මුදල් මාරුකිරීමේ ක්‍රමවේද හරහා අවදානමට ලක්විය හැකි පාර්ශ්වයන් ආරක්ෂා කරන ලෙස IMF නිර්දේශ කරයි.
තවද, රජයේ ආදායම ශක්තිමත් කිරීමට මධ්‍යකාලීන ආදායම් උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීම සහ දිට්වා සුළිකුණාටුවෙන් පසු ප්‍රතිසංස්කරණ කටයුතු වේගවත් කිරීමේ වැදගත්කමද අරමුදල පෙන්වා දී ඇත.
මෙම සමාලෝචනය විධායක මණ්ඩලය විසින් අනුමත කළහොත් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 345 ක පමණ මූල්‍ය ආධාර හිමිවන අතර, ඒ සඳහා 2027 අයවැය වැඩසටහන් පරාමිතීන්ට අනුකූලව ඉදිරිපත් කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය තහවුරු කිරීම අවශ්‍ය වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart