
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය විසින් නිශ්ප්‍රභ කිරීමට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකිරීමට නියමිත බව වාර්තා වේ.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු සරත් දිසානායක යන සාමාජිකයන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල විසින් අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කළ අවස්ථාවේදී, ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥ, ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අභියාචනය ගොනුකිරීම සඳහා අවසර ඉල්ලා සිටියේය.
මෙම නඩුවට අදාළව ගෝඨාභය රාජපක්ෂගෙන් මෙතෙක් ප්‍රකාශයක් සටහන් කරගෙන නොමැති බැවින්, වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් නොකරන බවත්, එම නිසා විමර්ශනවලට මැදිහත් වීමට අධිකරණය බලාපොරොත්තු නොවන බවත් විනිසුරු අබේසූරිය පැවසීය.
අභියාචනය සඳහා අවසර ඉල්ලීමේ කරුණු දැක්වීම් ඔක්තෝබර් 09 වැනිදා සිදුකළ හැකි බව ගෝඨාභය රාජපක්ෂට දැනුම්දෙන ලදී.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සනාත් විජේවර්ධන සමඟ ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා සහ අලි සබ්‍රි යන මහත්වරු පෙනීසිටියහ.
නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් පෙනීසිටියාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart