
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උතුරු පළාත් සංචාරක ව්‍යාපාරයේ ‘අලුත් පරිච්ඡේදයක්’ සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වෙන්කරන පෝක් සමුද්‍ර සන්ධියේ පිහිටි රාම සේතු (ආදම්ගේ පාලම) හා සම්බන්ධ වැලිපර අට වෙත යෑම සඳහා වන සංචාරක බෝට්ටු සේවාවක් පසුගිය සතියේ තලෙයිමන්නාරමෙන් උත්සවාකාරයෙන් ආරම්භ කරන ලදී.
මන්නාරම දිස්ත්‍රික්කයේ සංචාරක ව්‍යාපාරය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, මහජනතාවට සහ සංචාරකයන්ට මෙම වැලිපර අට නැරඹීමට අවස්ථාව සලසමින් තලෙයිමන්නාරම සිට බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබිණි.
මෙම සේවාවේ නියමු චාරිකාව පසුගිය සිකුරාදා පැවැති අතර, බෝට්ටු සේවාව සඳුදා (28) සිට නිල වශයෙන් ක්‍රියාත්මක විය.
නියමු චාරිකාව සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර එන්. වේදනායගන්, මන්නාරම දිස්ත්‍රික් ලේකම් කේ. කනකේස්වරන්, උතුරු පළාත් සංචාරක කාර්යාංශයේ සභාපති දොස්තර ජේ. විවේකානන්දන් සහ මන්නාරම නගර ප්‍රාදේශීය ලේකම් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මෙම සංචාරයේදී කණ්ඩායම තලෙයිමන්නාරමේ සිට තෙවැනි වැලිපරය දක්වා බෝට්ටුවෙන් ගොස්, එතැනට බැස එම ස්ථානය පරීක්ෂා කළහ.
වැලිපර පිහිටි ස්ථාන සහ ඒවායේ තත්ත්වය, සංචාරකයින් එම ස්ථාන වෙත ප්‍රවාහනය කිරීමේ හැකියාව මෙන්ම එම ප්‍රදේශයේ සංචාරක කටයුතු සඳහා අවශ්‍ය සූදානම සහ යටිතල පහසුකම් පිළිබඳවද කණ්ඩායම මෙහිදී ඇගයීමක නිරත විය.
මෙම පියවර මගින් මන්නාරම දිස්ත්‍රික්කයේ සාගර සංචාරක ව්‍යාපාරයේ හැකියාවන් තවදුරටත් ශක්තිමත් වන අතරම, සංචාරක ක්ෂේත්රය ඔස්සේ ප්‍රදේශයේ ජනතාවට නව රැකියා සහ ආදායම් මාර්ග උදාවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කෙසේ වෙතත්, යාපනයේ පිහිටි ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් මෙයට සහභාගී නොවීම කැපී පෙනෙන කරුණක් විය. පළාත් සභාවේ ඉහළ නිලධාරියෙකුගෙන් දැනගන්නට ලැබුණේ, ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවශ්‍ය අනුමැතිය ලබාගැනීමේදී ඇතිවූ පරිපාලනමය ගැටලු මෙයට හේතුවූ බවයි.
තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රශ්න කර සිටියේ මෙම බෝට්ටු සේවාව දේශීය ජනතාවට පමණක් සීමාවන්නේද, නැතහොත් මුහුදු සීමාවේ ඉන්දීය පසෙහි පිහිටි රාම සේතු හි අග්‍රය නැරඹීමට විදේශිකයන්ටද අවස්ථාව හිමිවන්නේද යන්නයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart