
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් මිලියන 36.5කට වඩා වටිනා රන් භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත්, කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළෙන් පිටතට ගෙන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ඔහු ඊයේ (03) උදෑසන 9.30 ට පමණ ඩුබායි සිට පැමිණි එමිරේට්ස් සේවයට අයත් EK-650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.
සැකකරුගේ සිරුරේ සඟවාගෙන තිබූ පාර්සල් හතරක අඩංගු ග්‍රෑම් 996ක බරින් යුත් රන් භාණ්ඩ තොගයක් සොයාගැනීමෙන් අනතුරුව ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
මෙම රන් භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් මිලියන 36.5කට අධික බවට තක්සේරු කර තිබේ.
පසුව වැඩිදුර විමර්ශන සඳහා අදාළ ව්‍යාපාරිකයා සහ රන් භාණ්ඩ තොගය කටුනායක ගුවන්තොටුපළ රේගු නිලධාරීන් වෙත භාරදී ඇත.
අද (04) අලුයම 4.45 දක්වා පැවැත්වුණු රේගු පරීක්ෂණයෙන් අනතුරුව, අදාළ රන් භාණ්ඩ තොගය රාජසන්තක කිරීමට නියෝග කර ඇති අතර, ව්‍යාපාරිකයාට රුපියල් මිලියන 3.7ක දඩයක් නියම කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart