
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට ලබා දී ඇති සහන කාලය අවසන් වීමට පෙර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනීසිටීමට අපොහොසත් වුවහොත්, ඇයට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබාගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
විදේශගතව වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බව කියන ශිරන්ති රාජපක්ෂ, ඇය සභාපතිත්වය දැරූ ‘සිරිලිය’ පදනම සම්බන්ධයෙන් FCIDය වෙත ප්‍රකාශයක් ලබාදීම සඳහා දින 14ක කාලයක් ඉල්ලා තිබේ.
නියමිත වේලාවට ඇය පෙනීසිටීමට අපොහොසත් වුවහොත් පොලීසිය විසින් විදේශ ගමන් තහනමක් ඉල්ලා සිටින බව අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
එමගින් ඇය ගුවන්තොටුපළට පැමිණි වහාම අත්අඩංගුවට ගැනීමට පවා ඉඩ තිබේ.
ශිරන්ති රාජපක්ෂ සැප්තැම්බර් 16 වැනි දින සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබිණි.
සැප්තැම්බර් 24 වන දින FCIDය හමුවේ පෙනීසිටිය යුතු බවට වන නිවේදනයක් ගුවන්තොටුපළේදී FCID නිලධාරීන් විසින් ඇය වෙත භාර දී ඇත.
කෙසේවෙතත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශකයකු පැවසුවේ ඇය පෙරළා පැමිණෙන තාවකාලික දිනයක් ලබා දී තිබුණද, ශිරන්ති රාජපක්ෂ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගොස් ඇති බැවින් ඇය පෙරළා පැමිණෙන දිනය වෛද්‍ය අවශ්‍යතා මත තීරණය වන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart