
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාව තුළ ඖෂධසැල් හරහා හෝ ඒවායේ මුවාවෙන් මත්පෙති සහ අනෙකුත් තහනම් ද්‍රව්‍ය අලෙවි කිරීම පිළිබඳව තොරතුරු ලැබී ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි.
සමස්ත ලංකා පෞද්ගලික ඖෂධසැල් හිමියන්ගේ සංගමයේ 11 වැනි සංවත්සර උත්සවයට එක්වෙමින් නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල කියාසිටියේ, තරුණයන් සහ පාසල් සිසුන් අතර මත්පෙති භාවිතය ඉහළ යාම සම්බන්ධයෙන් මහජනතාවගෙන් පැමිණිලි රැසක් බලධාරීන් වෙත ලැබී ඇති බවයි.
ඇතැම් ඖෂධසැල් මෙවැනි මත්පෙති ලබාගත හැකි ස්ථාන ලෙස ප්‍රසිද්ධ වී ඇති බවට තොරතුරු ලැබී ඇති අතර, ඇතැම් පුද්ගලයන් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකිරීම සඳහා ඖෂධසැල් මුවාවෙන් භාවිත කරන බවටද තොරතුරු අනාවරණය වී ඇති බව ඔහු පැවසීය.
එමෙන්ම ආයුර්වේද ව්‍යාපාර ලෙස පවත්වාගෙන යනු ලබන ඇතැම් ආයතන හරහාද තහනම් උත්තේජක අලෙවි කරන බවට නියෝජ්‍ය අමාත්‍යවරයා චෝදනා කළේය.
මෙම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් වැඩසටහනක් ආරම්භ කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවත්, මෙවැනි නීතිවිරෝධී ක්‍රියා වැළැක්වීම අරමුණු කරගනිමින් සෑම දිස්ත්‍රික්කයකම ඖෂධසැල් හිමියන් සමඟ සාකච්ඡා පවත්වන බවත් ඔහු සඳහන් කළේය.
මෙම චෝදනා සමස්ත ඖෂධසැල් ක්ෂේත්රයටම අදාළ නොවන බව අවධාරණය කළ නියෝජ්‍ය ඇමැතිවරයා, නීතිවිරෝධී කටයුතුවල නිරතවන පිරිස්වලට එරෙහිව කටයුතු කිරීම සඳහා බලධාරීන් ඖෂධසැල් හිමියන් සමඟ එක්ව කටයුතු කරන බව පෙන්වාදුන්නේය.
තවද, පුද්ගලයාගේ තරාතිරම හෝ තත්ත්වය නොසලකා රජය නීතිය එකලෙස ක්‍රියාත්මක කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart