
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හැටන්, දික්ඔය ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළදී මහලු අඹුසැමි යුවළකගේ ගෙළ කපා ඝාතනය කර රන් ආභරණ සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රෝහල්ගත කර සිටියදී පළාගිය ප්‍රධාන සැකකරු යාපනය ප්‍රදේශයේදී නැවත අත්අඩංගුවට ගත් බව පොලීසිය විසින් පවසා තිබේ.
පසුගිය මැයි 21 වැනිදා දික්ඔය ප්‍රදේශයේ වෙළෙඳසැලක් පවත්වාගෙන ගිය 82 හැවිරිදි අඹුසැමි යුවළ මෙලෙස ඝාතනයට ලක්ව තිබිණි.
සැකකරු විසින් මෙම ද්විත්ව ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව එම යුවළ සතුව තිබූ වටිනා රන් ආභරණද සොරකම් කරගෙන ගොස් තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පොලිස් ආරක්ෂාව යටතේ රෝහල්ගත කර සිටියදී ආරක්ෂක නිලධාරීන්ගෙන් මිදී පළාගොස් තිබේ.
පසුව ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිදුකළ මෙහෙයුමකින් අනතුරුව, යාපනය ප්‍රදේශයේ සැඟවී සිටි සැකකරු නැවත අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.
සැකකරු සම්බන්ධයෙන් හැටන් පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart