October 3, 2026

කථානායකවරයාගේ නිල නිවසේ භාණ්ඩ වට්ටෝරු පොත අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි සේවකයන් අටදෙනකුට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනීසිටින ලෙස දැනුම්දී ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පරිපාලන) මාර්ගයෙන් මෙම දැනුම් දීම කර තිබේ.

ඒ අනුව අල්ලස් කොමිසම හමුවේ ඊයේ සිකුරාදා පෙනීසිටි සේවකයකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගන්නා ලදී.

අනෙක් සේවකයන් හත්දෙනා ලබන 12,13,15 සහ 16 දිනවල අල්ලස් කොමිසම හමුවේ පෙනීසිටීමට නියමිතය.

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කර ඇති අවස්ථාවක මෙම බඩු වට්ටෝරු පොත අතුරුදන්ව ඇතැයි පැවසෙන්නේ පසුගිය 02 වැනිදාය.

මේ සම්බන්ධයෙන් කථානායක නිල නිවසේ කළමනාකාර පසන් අතුකෝරලගෙන්ද අල්ලස් කොමිසම පසුගියදා පැය පහකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.(ලංකාදීප)