
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
1999 ජනාධිපතිවරණ සමයේදී අනුරාධපුර ආහාර හා ඖෂධ පරීක්ෂක ආනන්ද වේරගොඩගේ නිවසට බෝම්බ ප්රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි විත්තිකරුවන් සියලු දෙනා නිදහස් කිරීමට අනුරාධපුර මහාධිකරණය නියෝග කළේය. පැමිණිල්ලේ සාක්ෂිවල පවතින පරස්පරතා සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණය මෙම තීන්දුව ලබාදී තිබේ.
අනුරාධපුර නගරාධිපතිවරයා, උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපතිවරයෙකු, රාජාංගනය ප්රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු පස්දෙනෙකු මෙම නඩුවේ විත්තිකරුවෝ වූහ.
රුපියල් ලක්ෂ 30 කට අධික දේපළ හානියක් සිදුකරමින් ආනන්ද වේරගොඩගේ නිවසට එල්ල වූ මෙම ප්රහාරය සිදුවන අවස්ථාවේදී, ඔහු අනුරාධපුර දිස්ත්රික්කය තුළ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ප්රවර්ධනය කිරීමේ නිලධාරියෙකු ලෙසද කටයුතු කරමින් සිටියේය.
නඩු විභාගයේදී මතුවූ ප්රධානතම කරුණක් වූයේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීම පිළිබඳව ඉදිරිපත් වූ සාක්ෂියි.
අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැමිණිලිකරු කියා සිටියේ අදාළ සිදුවීමට සම්බන්ධ විත්තිකරුවන් තමා විසින් හඳුනාගත් බවයි. කෙසේ වෙතත්, එම ස්ථානයේ සිටි තවත් ඇසින් දුටු සාක්ෂිකරුවෙකු ලෙස ඉදිරිපත් වූ පැමිණිල්ලේ වෙනත් සාක්ෂිකරුවෙකු විසින් සැකකරුවන් හඳුනාගැනීම සම්බන්ධයෙන් පැමිණිලිකරුගේ සාක්ෂියට සම්පූර්ණයෙන්ම වෙනස් සාක්ෂියක් ලබාදී තිබේ.
ප්රහාරය එල්ල කළ පුද්ගලයන් සිය මුහුණු කළු රෙදිවලින් ආවරණය කරගෙන සිටි බැවින් ඔවුන් කවුරුන්දැයි හඳුනාගැනීමට තමාට නොහැකි වූ බව අදාළ ඇසින් දුටු සාක්ෂිකරු ප්රකාශ කර තිබුණි.
පැමිණිල්ලේ සාක්ෂිකරුවන් විසින් ඉදිරිපත් කරන ලද මෙම පරස්පර ප්රකාශ හේතුවෙන්, විත්තිකරුවන් හඳුනාගැනීම පිළිබඳ සාක්ෂිවල බරපතල ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය විය. එක් සාක්ෂිකරුවෙකු විත්තිකරුවන් හඳුනාගත් බවට ප්රකාශ කරද්දී, ප්රහාරකයින් මුහුණු ආවරණය කරගෙන සිටීම නිසා ඔවුන් හඳුනාගැනීමට නොහැකි වූ බවට තවත් ඇසින් දුටු සාක්ෂිකරුවෙකු සාක්ෂි ලබාදීම මීට ප්රධාන හේතුව විය.
ඉදිරිපත් වූ සාක්ෂි මෙන්ම විත්තිකරුවන්ට එරෙහි චෝදනා දීර්ඝ ලෙස සලකා බැලූ මහාධිකරණය, සිද්ධියට අදාළ සියලු චෝදනාවලින් විත්තිකරුවන් නිදහස් කිරීමට තීන්දු කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart