
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මව්බිම හා සිලෝන් ටුඩේ පුවත්පත් මුද්‍රණය කළ හිටපු ඇමැති ටිරාන් අලස්ට අයත් සිලෝන් නිව්ස්පේපර්ස් පුවත් සමාගම ගැන කම්කරු දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කිරීම සමඟ එහි තවත් සේවක කණ්ඩායමක් ඉවත්කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
සිලෝන් නිව්ස්පේපර්ස් පාලනාධිකාරිය මෙම තීන්දුව ගෙන ඇත්තේ කම්කරු දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායමක් පසුගිය 18 වැනිදා එම ආයතනයට පැමිණ හදිසි ප්‍රශ්න කිරීමක් කිරීමෙන් පසුව ය.
ඒ අනුව මෙවර තවත් කොන්ත්‍රාත් සේවක පිරිසක් රැකියාවෙන් ඉවත්කිරීමට පිඹුරුපත් සැකැසෙමින් තිබේ.
මෙසේ සේවය අවසන් කිරීමට සූදානම් සේවකයන්ට මාස තුනක වැටුප් ගෙවා නැති අතර වසර ගණනක් තිස්සේ ඔවුන්ගේ සේවක අර්ථසාධක අරමුදල් ද නීතිවිරෝධී ලෙස රඳවාගෙන ඇත.
වැටුප් නොගෙවීම, වැටුප් ප්‍රමාදය, සේවක අර්ථසාධක අරමුදල් රඳවාගැනීම ඇතුළු චෝදනා රැසක් සම්බන්යෙන් කම්කරු කොමසාරිස් ආරම්භ කළ විමර්ශන යටතේ පසුගියදා කළ හදිසි පරීක්ෂාව නිසා හිටපු ඇමැති ටිරාන් අලස් සහ ඔහුගේ සහචරයන් දැඩි කේන්තියට පත්ව ඇතැයි එහි සේවකයෝ පවසති.
ආයතනයේ සේවකයන්ගෙන් බහුතරය වැටුප් ලබා දෙන පොරොන්දුව පිට ආයතනයට පැමිණීම වැළැක්වීම ඇතුළු අනීතික ක්‍රියා ගැන සේවකයන් කම්කරු දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට කරුණු වාර්තා කිරීම ඊට හේතු වී ඇතැයි කියයි.
හිටපු ඇමති ටිරාන් අලස්ට අයත් සිලෝන් නිවුස් පේපර්ස්හි එම කම්කරු විරෝධී පිළිවෙත් සම්බන්ධයෙන් “ලංකා ටයිම්ස්” දිගින් දිගටම වාර්තා කළ අතර නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතිය ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හා මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය කම්කරු කොමසාරිස්වරයාට පසුගිය මාර්තු මාසයේ පැමිණිල්ලක් ද කළේය.
එහෙත් කම්කරු දෙපාර්තමේන්තුවේ විමර්ශන අතිශය මන්දගාමි වූ අතර ජනතා විමුක්ති පෙරමුණ හා ටිරාන් අලස් අතර පවතින දේශපාලන මිතුදම සම්බන්ධයෙන් ජනමාධ්‍ය සමාජයෙන් දැඩි විවේචනයක් එල්ල විය.
එසේම සමගි ජනබලවේගයට සම්බන්ධ පාර්ශ්වයක් මව්බිම පුවත්පත මිලදී ගන්නා බවට පසුගිය කාලයේදී රාවයක් පැතිර ගියේය.
හිටපු ඇමැති ටිරාන් අලස් ජනමාධ්‍යවේදීන්ගේ වැටුප් නොගෙවා සේවක අර්ථසාධක මුදල් නොගෙවා බරපතල කම්කරු නීති උල්ලංඝනයක් සිදුකළ ද ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස හෝ විපක්ෂයේ දේශපාලන පක්ෂ කිසිවක් ඒ ගැන පාර්ලිමේන්තුවේ හෝ ඉන් පිටත කතා නොකිරීම කැපී පෙනේ.
(උපුටා ගැනීම – lankatimes.lk)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart