
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන මෝටර් රථ ටයර් සහ ත්‍රිරෝද රථ සඳහා භාවිත කරන නියුමැටික් ටයර් සඳහා බලපැවැත්වෙන පරිදි නව ප්‍රමිතිකරණ සහ තත්ත්ව පාලන රෙගුලාසි මාලාවක් රජය විසින් හඳුන්වා දී ඇත. මෙම නව රෙගුලාසි 2027 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වේ.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ ලැබී ඇති බලතලප්‍රකාරව මෙම නියෝග නිකුත් කර තිබේ.
2026 ඔක්තෝබර් 01 වැනි දිනැති අංක 2508/27 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් 2024 මැයි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද පවත්නා ප්‍රමිතිකරණ සහ තත්ත්ව පාලන රෙගුලාසි සංශෝධනය කර ඇත.
එම සංශෝධනවලට අනුව, අදාළ රෙගුලාසිවල ‘B’ උපලේඛනයට තවත් ආනයනික වාහන ටයර් කාණ්ඩ දෙකක් ඇතුළත් කර ඇති අතර ඒවා මගී මෝටර් රථ ටයර් (HS සංකේතය 4011.10.90) SLS 1212 – මගී මෝටර් රථ ටයර් සඳහා වන ප්‍රමිතිය සහ ත්‍රිරෝද රථ සඳහා වන නියුමැටික් ටයර් (HS සංකේතය 4011.90.10) SLS 1347 – ත්‍රිරෝද රථ සඳහා වන නියුමැටික් ටයර් සඳහා වන ප්‍රමිතියට අනුකූල වීම අනිවාර්ය වේ.
2027 ජනවාරි 01 වැනිදා හෝ ඊට පසුව ශ්‍රී ලංකාවේ ඕනෑම වරායකට හෝ ගුවන්තොටුපළකට ළඟා වන අදාළ භාණ්ඩ සඳහා මෙම නව රෙගුලාසි අදාළ වන බව එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart