
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සහල් අඩංගු බවට අසත්‍ය ලෙස ප්‍රකාශ කරමින් විදේශගත කිරීමට සූදානම් කර තිබූ අපනයන බහාලුමක් පරීක්ෂා කිරීමේදී, ඒ තුළ සඟවා තිබූ යකඩ ඇතුළු ලෝහ අපද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට ශ්‍රී ලංකා රේගුව සහ පොලීසිය සමත්ව තිබේ.
ලද තොරතුරකට අනුව ඉංගුරුකඩේ හන්දියේ සිට වරාය පිවිසුම් මාර්ගය ආසන්නයේ පිහිටි ට්‍රයිකෝ අපනයන පහසුකම් මධ්‍යස්ථානයේදී මෙම යකඩ තොගය අත්අඩංගුවට ගෙන ඇත.
රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා සඳහන් කළේ, අදාළ බහාලුම තුළ සහල් අඩංගු බවට රේගු ප්රකාශනයක් ඉදිරිපත් කර තිබූ බවයි. කෙසේවෙතත්, ලැබුණු රහසිගත තොරතුරක් මත මෙම බහාලුම රටින් පිටවීමට පෙර අත්අඩංගුවට ගෙන ඒ පිළිබඳව පොලීසිය දැනුවත් කිරීමට කටයුතු කර තිබේ.
අනතුරුව පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරමින් මෙම සැකකටයුතු බහාලුම පරීක්ෂා කිරීමට අවසර ඉල්ලා සිටි අතර, පොලිස් නිලධාරීන් ඉදිරියේ එම පරීක්ෂාව සිදුකරන ලෙස අධිකරණය ශ්‍රී ලංකා රේගුවට නියෝග කළේය.
ඒ අනුව සිදුකළ ඒකාබද්ධ පරීක්ෂාවේදී, අදාළ බහාලුම තුළ ප්‍රකාශ කළ පරිදි සහල් කිසිවක් නොතිබූ අතර, ඒ වෙනුවට යකඩ ඇතුළු විවිධ වර්ගයේ ලෝහ අපද්‍රව්‍ය පටවා තිබූ බව අනාවරණය වී ඇත.
මෙම බහාලුම නියමිත අපනයනයට පෙර අත්අඩංගුවට ගත් බවත්, සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මක බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් තහවුරු කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart