October 2, 2026

හිටපු වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ අද(02) පෙරවරු 9.30ට පෙනීසිටින ලෙස දැනුම්දී ඇත.

ඒ අනුව තමා හෙට උදේ එහි පෙනී සිටින බව හිටපු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසා ඇතැයි ‘ලංකාදීප’ය වාර්තා කරයි.

සමාගම් රෙජිස්ට්‍රාර් අරමුදලෙන් රුපියල් කෝටි නවයක මුදලක් වෙනත් රාජ්‍ය සමාගමක ආයෝජනය කිරීමෙන් සියයට 59.5ක ප්‍රතිලාභ ලබාගැනීම පිළිබඳ පැමිණිල්ලක විමර්ශනයකට අදාළව බන්දුල ගුණවර්ධන මෙසේ කැඳවා ඇත.

ඒ සම්බන්ධයෙන් බන්දුල් ගුණවර්ධන විසින් 2007 වර්ෂයේදී ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයක් සම්බන්ධයෙන් මෙහිදී ඔහුගෙන් කරුණු විමසීමට නියමිතය.