October 1, 2026

මතභේදාත්මක එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව, හිටපු භාණ්ඩාගාර සහ මුදල් අමාත්‍යාංශ ලේකම් පී බී ජයසුන්දරගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් පැය හතරකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

මෙම ප්‍රකාශ ලබාගැනීම නිකවැරටිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී සිදුකර ඇත.

මෙම විමර්ශනයට අදාළ එයාර්බස් ගනුදෙනුව සිදුවූ කාලසීමාව වන 2009 සැප්තැම්බර් සිට 2015 ජනවාරි දක්වා කාලය තුළ, පී බී ජයසුන්දර මුදල් අමාත්‍යාංශයේ සහ භාණ්ඩාගාරයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේය.

ඔහු පසුව 2019 සිට 2022 දක්වා කාලය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති ලේකම්වරයා ලෙස ද කටයුතු කළේය.