September 30, 2026

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක මාංශපේශි ආබාධයකට ලක්වීම හේතුවෙන් පාකිස්ථාන කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත විස්සයි20 ක්‍රීඩා තරගාවලියට ඔහු ක්‍රීඩාකිරීම සැක සහිත තත්ත්වයකට පත්ව තිබේ.

මෑතකදී එංගලන්ත කණ්ඩායම සමඟ නිමාවට පත් වූ එක්දින තරගාවලියට ඔහු ක්‍රීඩාකර ඇත්තේ, සුළු ආබාධයකට ලක්ව සිටියදී වන අතර, එහි තෙවැනි තරගයේදී ඔහු තරමක් අපහසුතාවට පත්වන අයුරු දක්නට ලැබිණි.

ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන ඔක්තෝබර් 04 වැනි දින පාකිස්ථානය බලා පිටත්ව යෑමට නියමිත අතර ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ එංගලන්තය අතර පැවැත්වෙන එක්දින තරගාවලිය ආරම්භ වන විට නිශ්ශංක සම්පූර්ණයෙන් සුවය ලබනු ඇතැයි කණ්ඩායම දැඩි අපේක්ෂාවෙන් පසු වේ.