
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළෙහි ස්ථාපිත කරනු ලබන ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු (e-Gates) සංඛ්‍යාව 12 දක්වා වැඩිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
2025 මැයි 19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු 04ක් මිලදී ගෙන සවි කිරීමට මීට පෙර අනුමැතිය ලබා දී තිබිණි.
කෙසේවෙතත්, 2027 වර්ෂයේදී හඳුන්වා දීමට නියමිත ඊ-පාස්පෝට් (E-Passport) නිකුත් කිරීමේ ක්‍රියාවලියට සමගාමීව, මෙතෙක් ශ්‍රී ලාංකිකයන් සඳහා පමණක් සීමා වී තිබූ මෙම පහසුකම මෙරටට පැමිණෙන සහ පිටවන විදේශිකයන් සඳහා ද භාවිත කළ හැකි පරිදි ව්‍යාප්ත කිරීමට නියමිතය.
එමෙන්ම, ව්‍යාපාරික හා සංචාරක ක්ෂේත්‍රයේ සීග්‍ර ප්‍රගමනයත් සමඟ ඉහළ යන ගුවන් මගීන් සංඛ්‍යාවට පහසුවෙන් සේවාවන් සැපයීම සඳහා මුළු ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු ප්‍රමාණය 12 දක්වා වැඩි කිරීමට හඳුනාගෙන ඇත.
ඒ අනුව, කලින් අනුමැතිය ලත් ගේට්ටු 04ට අමතරව තවත් ගේට්ටු 08ක් ඇතුළුව සම්පූර්ණ ගේට්ටු 12ක් විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරමින් මිලදී ගැනීම සහ ස්ථාපනය කිරීම සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart