
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නුවරඑළිය ග්‍රෙගරි වැවේ ජලයේ ගුණාත්මක තත්ත්වය සහ පාරිසරික අඛණ්ඩතාව ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යෑම සඳහා පුනරුත්ථාපන හා කළමනාකරණ යාන්ත්‍රණයක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
2007 මාර්තු 05 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මගින් ග්‍රෙගරි වැව සහ අවට ප්‍රදේශය පාරිසරික ආරක්ෂක ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබුණද, ජල පෝෂක ප්‍රදේශය හා වැව ආශ්‍රිතව සිදුවන විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් පරිසර තත්ත්වය සැලකිය යුතු ලෙස පිරිහී ඇති බව හඳුනාගෙන ඇත.
මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිදුකරන ලද අධ්‍යයනවලට අනුව, සාමාන්‍ය ජලයේ තිබිය යුතු ගුණාත්මක මට්ටම අභිබවා පොස්පේට්, නයිට්‍රජන් සහ ජෛව රසායනික ඔක්සිජන් වැව් ජලයේ පවතින බව තහවුරු වී තිබේ.
දශක ගණනාවක් පුරා අවසාදිත එකතු වීමෙන් රොන්මඩ තැන්පත් වීම, පොහොර සහ කෘමිනාශක ඇතුළු කෘෂිකාර්මික අපද්‍රව්‍ය ගලාඒම මෙන්ම නාගරික අපජලය සහ ඝන අපද්‍රව්‍ය වැවට එක්වීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතු ලෙස දැක්වේ.
මේ පිළිබඳව අවධානය යොමුකරමින් පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අනුව, පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් යුත් අධීක්ෂණ හා කළමනාකරණ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
එමෙන්ම අදාළ රාජ්‍ය ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත ‘ග්‍රෙගරි වැව සංරක්ෂණ හා පුනරුත්ථාපන ක්‍රියාකාරී කමිටුව’ නමින් නිලධාරි කමිටුවක් පත්කිරීමටද මෙහිදී අනුමැතිය හිමිව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart