
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාත්‍යන්තර චෙස් සම්මේලනය විසින් තහවුරු කර ඇති පරිදි, 11 හැවිරිදි බෝධනා ශිවානන්දන් කාන්තා ග්‍රෑන්ඩ්මාස්ටර් ශූරතාව දිනාගත් ඉතිහාසයේ ලාබාලතම චෙස් ක්‍රීඩිකාව බවට පත්ව තිබේ.
වයඹදිග ලන්ඩනයේ හැරෝ ප්‍රදේශයේ වෙසෙන මෙම බ්‍රිතාන්‍ය චෙස් සුපිරි ක්‍රීඩිකාව, උස්බෙකිස්තානයේ සමර්කන්ඩ් හි පැවැත්වුණු 46 වැනි චෙස් ඔලිම්පියාඩ් තරගාවලියේදී එංගලන්තය නියෝජනය කරමින් පළමු පුවරුව ඔස්සේ සිය තෙවැනි සහ අවසන් WGM ඇගයීම් මට්ටම ලබා ගැනීමට සමත් වූවාය.
තම කණ්ඩායම වෙනුවෙන් තරග වට 11 ටම ක්‍රීඩා කළ ශිවානන්දන්, තරගාවලිය අවසානයේ ප්‍රසාද ලකුණු 08 ක් ලබා ගැනීමට සමත් වූ අතර, මෙම තිළිණය සඳහා අවශ්‍ය කෙරෙන 2300 ක අගයට වඩා වැඩි ශ්‍රේණිගත කිරීම් ප්‍රමාණයක් ඇය ඒ වන විටත් පසුකර සිටියාය.
ශිවානන්දන්ගේ මෙම ජයග්‍රහණයත් සමඟ, මීට පෙර වයස අවුරුදු 12 දී මෙම ශූරතාව දිනාගනිමින් කැතරිනා ලැග්නෝ තබා තිබූ ලෝක වාර්තාව බිඳවැටුණු අතර, චීනයේ හෝව් යිෆාන් ද මීට පෙර එම වයසේදීම මෙම දක්ෂතාව දක්වා තිබුණි.
මෙම WGM ශූරතාවට අමතරව, සමර්කන්ඩ් හිදී දැක්වූ විශිෂ්ට දක්ෂතාව හේතුවෙන් ශිවානන්දන් සිය දෙවැනි අන්තර්ජාතික මාස්ටර් ඇගයීම් මට්ටම ද හිමිකර ගත් අතර, ඒ සමඟම ඇය විවෘත අංශයේ ඉහළම ශ්‍රේණියේ ශූරතාවයකට ද තවත් පියවරක් සමීප වූවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart