
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස තමන්ව පිළිගැනීමේ ඉල්ලීම අධිකරණය විසින් කිසිදු අවස්ථාවක ප්‍රතික්ෂේප කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර පවසයි.
ජනමාධ්‍ය නිවේදනයක් මගින් දයාසිරි ජයසේකර සඳහන් කරන්නේ, කොළඹ දිසා අධිකරණයේ නියෝගයට එරෙහිව තමන් ඉදිරිපත් කළ ඉල්ලීම බස්නාහිර පළාත්බද සිවිල් අභියාචනාධිකරණ මහාධිකරණය විසින් විභාගයට ගත් බවයි. එහිදී අධිකරණය විසින් ඉල්ලීමේ සඳහන් අතුරු තහනම් නියෝගය පමණක් ප්‍රතික්ෂේප කළ අතර, පැමිණිල්ල විභාග කිරීම සඳහා 2027 ජනවාරි 08 වැනි දිනට දින ලබාදුන් බව මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.
එමෙන්ම සිය පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ ගොනුකළ නඩුවේදී ලබාදුන් අතුරු තහනම් නියෝගය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිය සාමාජිකත්වය යාවත්කාලීන වූ බවත්, මහලේකම් ධුරය සම්බන්ධ නීතිමය තීන්දුව දිසා අධිකරණයේ අවසානාත්මක තීන්දුවේදී ප්‍රකාශ කිරීමට විනිසුරුවරයා තීරණය කළ බවත් ඔහු සඳහන් කරයි.
අධිකරණය විසින් නඩුවක් විභාගයට ගැනීමට ගත් තීරණයක් ‘නඩුව ප්‍රතික්ෂේප කළා’ ලෙස ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කිරීම නීතිය පිළිබඳ අවම දැනුමක්වත් නොමැති පුද්ගලයන්ගේ ක්‍රියාවක් බව පවසන දයාසිරි ජයසේකර, පක්ෂ සාමාජිකයන් වංචනික ලෙස රවටමින් තමන්ගේ තනතුරු රැකගැනීමට අධිකරණ තීන්දු වැරදි ලෙස අර්ථ නිරූපණය කරන පිරිස සම්බන්ධයෙන් තමන් පුදුම නොවන බවද වැඩිදුරටත් කියාසිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart