
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදුලි බිලක් ගෙවන්න වෙළෙඳ සංකීර්ණයක තිබුණු ATM යන්ත්‍රයක් ළඟට ගිය ප්‍රකට ව්‍යාපාරිකයෙක්ට පහුගිය දවසක හිතාගන්නවත් බැරි, අමුතුම විදියේ වැඩකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. බිල ගෙවන්න ලෑස්ති වෙනකොටම මෙන්න යන්ත්‍රයෙන් එකපාරටම රුපියල් අටලක්ෂ හතළිස් හතරදාහක (රු. 844,000) අතපත ගාන්න බැරි තරම් මුදල් තොගයක් එළියට ඇවිත්.
එක පාරටම අහසින් පාත්වුණා වගේ සල්ලි තොගය දැකලා කලබල වුණු මේ අවංක ව්‍යාපාරිකයා, සතයක්වත් ළඟ තියාගන්නේ නැතුව ඒ මුදල් සේරම එකතු කරගෙන කෙළින්ම ගිහින් තියෙන්නේ ළඟ තිබුණු අදාළ බැංකු ශාඛාවටයි. එතැනදී බැංකු කළමනාකාරවරයාව හමුවුණු ඔහු සිද්ධිය විස්තර කරලා සල්ලි ටික අතටම බාරදීලා තියෙනවා.
පස්සේ වෙලාවක බැංකු කළමනාකාරවරයාම කතාකරලා, මේ කළ යහපත් ක්‍රියාව අගය කරමින් ව්‍යාපාරිකයාට ස්තූති කර ඇති අතර, අදාළ මුදල් එහි නියම හිමිකරුට බාරදෙන බවට පොරොන්දු වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, බැංකුවේ නිලධාරීන් දෙදෙනෙකුම ව්‍යාපාරිකයාගේ සේවා ස්ථානයටම පැමිණ පෞද්ගලිකවම ස්තූතිය පිරිනමන්නත් කටයුතු කරලා.
පස්සේ හොයලා බලද්දී තමයි සිද්ධියේ ඇත්තම රහස එළියට ඇවිත් තියෙන්නේ. වෙනත් පාරිභෝගිකයෙක් තමන්ගේ තැන්පතු කටයුත්තක් සඳහා මේ යන්ත්‍රයට එකවර විශාල මුදලක් ඇතුළත් කරලා. හැබැයි ඒ යන්ත්‍රයෙන් එකවර තැන්පත් කරන්න පුළුවන් උපරිම සීමාව වෙන්නේ රුපියල් 200,000ක් විතරයි. සීමාවට වඩා වැඩිපුර තිබුණු රුපියල් 844,000ක මුදල යන්ත්‍රය විසින් ප්‍රතික්ෂේප කරලා එළියට දානකොට, අදාළ තැන්පත්කරු ඒ කිසිම දෙයක් නොදැන සල්ලි දාලා ඉවරයි කියලා හිතාගෙන එතැනින් යන්න ගිහින්.
කොහොමවුණත් මේ වගේ ලොකු මුදලක් දැකලත් සිත නොසැලී, අයිතිකාරයාටම ලබාදෙන්න කටයුතු කරපු ඒ අවංක ව්‍යාපාරිකයා ගැන ආරංචිය පැතිරෙත්ම, ප්‍රදේශයේ හැමෝම ඔහුට ප්‍රශංසා කරන්න පටන් අරන් තියෙනවා.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart