
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ක්‍රිෂ් (Krrish) සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධනගෙන් රුපියල් මිලියන 70 ක අල්ලසක් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් බන්ධනාගාරය වෙත ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සම්බන්ධ වූ බවට කියන මෙම රුපියල් මිලියන 70 ක අල්ලස් සිදුවීමට අදාළව, ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ හිටපු විධායක අධ්‍යක්ෂිකාවක මෙන්ම ප්‍රකට ව්‍යාපාරිකාවක වන ජානකී සිරිවර්ධන පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සැප්තැම්බර් 24 වැනි දින ඇයව අත්අඩංගුවට ගන්නා ලදී.
‘ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක්ස් කොළඹ’ (Krrish Transworks Colombo (Pvt) Ltd) සමාගම වෙනුවෙන් නගර සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුවේ පිහිටි ඉඩමක් ලබාගැනීමට සහ ඊට අදාළ අනුමැතීන් ඉක්මනින් ලබා ගැනීමට සහාය වීම වෙනුවෙන්, මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙත අවස්ථා තුනකදී රුපියල් මිලියන 70 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාදුන් බවට ඇයට චෝදනා එල්ල වී ඇත.
මෙම විමර්ශනයට අදාළව බන්ධනාගාරගතව සිටින නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මෑතකදී අධිකරණය විසින් පූර්ණ අනුමැතිය ලබා දී තිබිණි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart