
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සෞදි අරාබියේදී සිරදඬුවම මරණ දඬුවම දක්වා වැඩි කරනු ලැබූ අනෝජන් සිවරාසාට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් යවන පූර්ණ සමාව අයැදීමේ ආයාචනයක් සෞදි අරාබි රජු වෙත භාරදීමට රජය, විපක්ෂය සහ සර්ව ආගමික නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ නියෝජිත පිරිසක් ඉදිරියේදී සෞදි අරාබිය බලා පිටත්ව යෑමට නියමිතය.
ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව මෙම නියෝජිත පිරිස සමඟ ජාතික ජන බලවේගයේ නීතිඥ කේ.ඒ. උපුල් ඉන්දික කුමාරප්පෙරුම එළඹෙන සතියේදී සෞදි අරාබිය බලා පිටත්ව යන අතර, එහිදී සෞදියේ අධිකරණ ක්රියාපරිපාටිය අධ්‍යයනය කර ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාව සහ ජනාධිපතිවරයා හරහා රාජකීය සමාව ලබාගැනීමේ නීතිමය ඉඩකඩ පිළිබඳව විමසා බැලීමට නියමිතය.
මේ වන විටත් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නීතිඥ සමාගම් දෙකක් හරහා ඔක්තෝබර් 17 වැනි දිනට පෙර අභියාචනයක් ගොනුකිරීමට කටයුතු යොදා තිබේ.
ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය ද ජනාධිපතිවරයාගෙන් හදිසි සාකච්ඡාවක් ඉල්ලා ඇති අතර, මෙම සාකච්ඡාව සඳහා අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කවීන්ද්‍රන් කෝඩීස්වරන් නම් කර ඇත.
එම පක්ෂය සහ විදේශයන්හි සිටින දෙමළ ඩයස්පෝරා සංවිධාන ද තානාපති කාර්යාල සමඟ සම්බන්ධ වෙමින් මෙම නිදහස ලබාගැනීම වෙනුවෙන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වෙමින් සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart