
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය පිළිබඳ විමර්ශනවලදී හෙළි වූ, ඒ ඝාතනයට සම්බන්ධ බවට සැකකෙරෙන වාහන 3ක් තවත් අපරාධ ගණනාවක් සඳහා යොදාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ශිරන්ති රාජපක්ෂගේ සහ යෝෂිත රාජපක්ෂගේ ආරක්ෂාවට මේ ඩබල් කැබ් රථ 3 දී ඇත. WP PD 79–, WP PD 80–, WP GB 05– අංක සහිත මේ ඩබල් කැබ් රථ 3 වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය සමග ඍජුවම සම්බන්ධ බවට විමර්ශන අංශ මීට පෙර තොරතුරු අනාවරණය කරගෙන තිබිණි.
මේ වාහන 3ට අදාළ ධාවන සටහන් නොමැති වීම, තිබෙන ධාවන සටහන් විධිමත් නොවීම ඇතුළු ගැටලු රැසක්ද විය.
මේ වාහන සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී අනාවරණය වී ඇත්තේ ඒවා වෙනත් අපරාධ සඳහාද යොදාගෙන ඇති බවත්, පාර්ශ්ව ගණනාවක් ඒවා භාවිත කර ඇති බවත් ය.
මේ අතර වසීම් තාජුඩීන් ඝාතනය වූ 2012 මැයි 16 දින රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වූ WP LV 05–, WP PD 13–, WP KA 98–, WP KD 01–, WP PA 72– අංක සහිත වාහන සම්බන්ධයෙන්ද විමර්ශන අංශ දීර්ඝ ලෙස තොරතුරු සොයා ඇති අතර, මේ වාහනවල ධාවන සටහන්වලද බරපතළ ගැටලු ඇති බව හඳුනාගෙන තිබේ.
(උපුටාගැනීම – සිළුමිණ පුවත්පත)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart