September 26, 2026

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම කෙරෙහි සමගි ජන බලවේගයේ අවධානය යොමුව ඇති බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කළේය.

ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් රන්ජිත් මද්දුමබණ්ඩාර තහවුරු කර ඇත්තේ, සමගි ජන බලවේගය විසින් එවැනි පියවරක් ගැනීමට සලකා බලමින් සිටින බවත්, සුදුසු වේලාවක අදාළ යෝජනාව ඉදිරිපත් කරන බවත්ය.

කෙසේවෙතත්, මෙම විශ්වාසභංග යෝජනාව නිල වශයෙන් පාර්ලිමේන්තුවට භාරදෙන්නේ කවදාද යන්න පිළිබඳව ඔහු මෙහිදී අනාවරණය කර නැත.