
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පුත්තලම දිස්ත්‍රික්කයේ වෙළඳසැලක් මගින් තනි ඡායා පිටපතක් (photocopy) සඳහා රුපියල් 850 ක මුදලක් අය කළ බවට එල්ල වූ චෝදනා මත, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් එම වෙළඳසැල වටලා තිබේ.
මෙම සිද්ධිය සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි අවධානයට ලක්වීමත් සමඟ, පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් සැප්තැම්බර් 25 වැනි දින මෙම ආයතනය පරීක්ෂාවට ලක්කර ඇත.
පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ පරීක්ෂණයේදී අනාවරණය වූ පාරිභෝගික නීති උල්ලංඝනය කිරීම්වලට අදාළ සාක්ෂි නිලධාරීන් විසින් ලබාගත් බවයි.
ඉදිරි දින කිහිපය තුළ අදාළ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ එම වෙළඳසැලට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු සූදානම් කරමින් පවතින බව ද එම අධිකාරිය පැවසීය.
පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ විධිවිධාන උල්ලංඝනය කළ බවට තහවුරු වන වෙළෙඳුන්ට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ නඩු පැවරීම සහ වෙළඳපල පරීක්ෂාවන් හා වැටලීම් සිදුකිරීම පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිරන්තරයෙන් සිදුකරනු ලබයි.
අසාධාරණ ලෙස මිල ගණන් අය කිරීම් සහ වෙළඳපොළේ සිදුවන වෙනත් අක්‍රමිකතා පිළිබඳව 1977 පාරිභෝගික කටයුතු අධිකාරියේ ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ දැනුම් දෙන ලෙස ද පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart