
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම යනු එක් පුද්ගලයකු නැති කිරීම පමණක් නොව, දේශපාලනඥයන්ට, දූෂණයට සහ බලවත් පාර්ශ්වයන්ට අභියෝග කිරීමට සූදානම්ව සිටි අනෙකුත් ජනමාධ්‍යවේදීන්ට සහ වෘත්තිකයන්ට අනතුරු ඇඟවීමක් කිරීම සඳහා සිදුකරන ලද්දක් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක පවසයි.
ලසන්ත වික්‍රමතුංග පිළිබඳ ලියැවුණු පොතක සිංහල පරිවර්තනය එළිදැක්වීමේ උත්සවයකදී අදහස් දක්වමින් රංග දිසානායක සඳහන් කළේ, ලසන්තගේ ඝාතනය මගින් ජනමාධ්‍යවේදීන්ට පුළුල් පණිවිඩයක් නිකුත් කළ බවයි. එනම්, පිළිගත් සීමාවන් තුළ සිටින ලෙසත්, බලවත් පාර්ශ්වයන්ට අභියෝග නොකර වාර්තාකරණයේ යෙදෙන ලෙසත් “වෙනස් වීමට උත්සාහ නොකරන ලෙසත්” ය.
“ලසන්තව මැරුවේ ලසන්තව විතරක් අයින් කරන්න කියලා ඔබ හිතනවාද?” යැයි රංග දිසානායක ප්‍රශ්න කළේය. “එය ලසන්ත වැනි අනෙකුත් සියලුදෙනාටම දුන් පණිවිඩයක්.”
ශ්‍රී ලංකා ඉතිහාසය පුරාම දූෂණයට හෝ බලවත් ව්‍යාපාරික සහ දේශපාලන බලපෑම්වලට අභියෝග කළ පුද්ගලයන්ට මෙවැනිම අනතුරු ඇඟවීම් ලැබී ඇති බව රංග දිසානායක පැවසීය. මහාචාර්ය සෙනක බිබිලේ සහ රේගු නිලධාරී සුජිත් ප්‍රසන්න මුහුණ දුන් අත්දැකීම් උදාහරණ ලෙස දක්වමින් ඔහු සඳහන් කළේ, යම් පුද්ගලයෙකුට එල්ල වන ප්‍රහාර මගින් ඔවුන්ගේ සගයන් සහ අනෙකුත් අයද එවැනි සේවාවන්හි නිරත වීම වැළැක්වෙන බවයි.
වරදට අභියෝග කිරීම වෙනුවෙන් තමන්ගේ ජීවිත පරදුවට තැබීම වටිනවාද යන්න සගයන්, පවුල්වල අය සහ අනෙකුත් අය ප්‍රශ්න කිරීමට පටන්ගන්නා බැවින්, මෙහි ප්‍රතිවිපාක ක්ෂණිකව බලපෑමට ලක්වන වින්දිතයාගෙන් ඔබ්බට යන බව ඔහු පැවසීය.
රංග දිසානායකට අනුව, රේගු නිලධාරියාගේ ඝාතනයෙන් පසුව මෙම භීතිය පැහැදිලිවම දක්නට ලැබුණු අතර, එම ආයතනයට සම්බන්ධ කිහිපදෙනකු පසුව රට හැර යාම හෝ විමර්ශන පවත්වාගෙන යෑමට මැලිවීම සිදුවිය.
සමාජය මෙම භීතියේ පණිවිඩය විශාල වශයෙන් අනුගමනය කර ඇති බව පැවසූ රංග දිසානායක, එය දැන් ආපසු හැරවිය යුතු බවට තර්ක කළේය.
“ලසන්තව ඝාතනය කළාට පස්සේ තවත් ලසන්තලා ගොඩක් බිහිවුණා නම්, එතකොට ඒ අයගේ පණිවිඩය අසාර්ථක වෙනවා” ඔහු පැවසීය. “නමුත් සිද්ධ වුණේ ලසන්තව මැරුවට පස්සේ ගොඩක් අයව මර්දනය කරපු එක. එතකොට ඒ අයගේ අරමුණඉටු වෙනවා.”
තමන් කළ සේවය වෙනුවෙන් ඝාතනය වූ හෝ අතුරුදහන් වූ පුද්ගලයන්ගේ පවුල්වල අය පමණක් එම බර තනිවම දැරිය යුතුදැයි ඔහු ප්‍රශ්න කළේ, ලසන්ත වික්‍රමතුංගගේ බිරිඳ වන රයින් වික්‍රමතුංග සහ අතුරුදහන් වූ ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ පිළිබඳවද සඳහන් කරමිනි.
වරදකාරී ක්‍රියා හෙළිදරව් කරන පුද්ගලයන් බියගැන්වීමට දැරූ උත්සාහයන් අවසානයේ අසාර්ථක කරනවාද, නැතහොත් නිහඬව සිටිනවාද යන්න මහජනතාව විසින් තීරණය කළ යුතු බව රංග දිසානායක වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart