
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ වත්මන් අන්තර්ජාතික මූල්‍ය අරමුදල් (IMF) වැඩසටහන වසර හතරක විස්තීරණ අරමුදල් පහසුකම (EFF) අවසන් වන 2027 මාර්තු මාසයේදී සම්පූර්ණ කිරීමට රජය බලාපොරොත්තු වන බවත්, ඉන් පසුවද සාමාන්‍ය පරිදි අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ කටයුතු ඉදිරියට ගෙන යන බවත් අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය රත්නායක කියාසිටියේ, වත්මන් වැඩසටහන අවසන් වූ පසු ණය ප්‍රතිසංවිධානයට අදාළ තවත් IMF වැඩසටහනකට යොමුවීමේ අවශ්‍යතාවක් රජය දැනට නොදකින බවයි.
“අපි අනිවාර්යයෙන්ම මේ ගිවිසුමෙන් ඉවත්වෙනවා” වත්මන් වැඩසටහන ගැන සඳහන් කරමින් අමාත්‍ය රත්නායක පැවසීය. “නමුත් IMF සහ ලෝක බැංකුව කියන්නේ ජාත්‍යන්තර ආයතන. ගෝලීය ආර්ථික පද්ධතිය තුළ ක්‍රියාත්මක වන රටක් විදිහට, අපට ගැලපෙන ආකාරයට ඒ අය එක්ක තියෙන ගනුදෙනු පවත්වාගෙන යන්න සිද්ධ වෙනවා.”
වත්මන් වසර හතරක EFF වැඩසටහන 2023 මාර්තු මාසයේදී අනුමත වූ අතර එය 2027 මාර්තු 19 වැනි දින අවසන් වීමට නියමිතය. අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවසන්නේ තවත් සමාලෝචන දෙකක් ඉතිරිව ඇති බවත්, මෑතකදී නිම වූ නියෝජිත පිරිස් සංචාරයේදී කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීමට නොහැකි වීමෙන් පසුව, සත්වැනි සමාලෝචනය පිළිබඳ සාකච්ඡා තවදුරටත් ඉදිරියට යන බවත්ය.
ශ්‍රී ලංකාවට IMF වෙතින් තවත් ණය ප්‍රතිසංවිධාන වැඩසටහනක් අවශ්‍ය වනු ඇතැයි රජය බලාපොරොත්තු නොවන බව පැවසූ අමාත්‍ය රත්නායක, කෙසේවෙතත් ඉදිරි වසර ගණනාව තුළ රට පවතින ණය ආපසු ගෙවීමේ කැපවීම්වලට බැඳී සිටින බව පිළිගත්තේය.
පසුගිය ආණ්ඩුව යටතේ සාකච්ඡා කරන ලද ණය ප්‍රතිසංවිධාන කොන්දේසිවල ඇතැම් කරුණු ද ඔහු විවේචනය කළ අතර, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික කාර්යසාධනය මත පදනම්ව ඇතැම් ණය හිමියන්ට ගෙවිය යුතු මුදල් ප්‍රමාණය වෙනස් වන යාන්ත්‍රණයන් පිළිබඳවද සඳහන් කළේය.
“අපි ආර්ථිකය වර්ධනය කළොත්, අපිට ආපසු ගෙවීමට සිදුවන ණය ප්‍රමාණය වැඩිවෙනවා” යැයි පැවසූ ඔහු, එමගින් ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ මහජනතාව වෙත ලබාදීමට ඇති සම්පත් ප්‍රමාණය අඩුවිය හැකි බව තර්ක කළේය.
ණය කොන්දේසිවලින් ඇති වන අහිතකර බලපෑම් අවම කර ගැනීම සඳහා දැනට පවතින මූල්‍ය වෙළඳපොළ යාන්ත්‍රණයන් පිළිබඳව රජය පරීක්ෂා කර බලමින් සිටින බවද අමාත්‍ය රත්නායක පැවසීය.
වත්මන් EFF වැඩසටහනෙන් පසුව ශ්‍රී ලංකාව සහ IMF අතර පවතින සබඳතාව සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවෙමින් පවතින පසුබිමක ඔහුගේ මෙම අදහස් දැක්වීම සිදුවිය.
IMF හි ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී ඉවාන් පපාජෝර්ජියු මෙම සතියේ කියා සිටියේ, ඉදිරි පසුවිපරම් වැඩසටහනක් සඳහා ඉල්ලීමක් කරන්නේද යන්න ශ්‍රී ලංකා රජය විසින් ගත යුතු තීරණයක් බවයි.
එමෙන්ම, සැප්තැම්බර් 10-23 දක්වා පැවැති නියෝජිත සංචාරයෙන් අනතුරුව IMF ප්‍රකාශ කළේ, සත්වන සමාලෝචනය අවසන් කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති සහ රාමුව සම්බන්ධයෙන් රජය සමඟ සාකච්ඡා “ඉදිරි කෙටි කාලය තුළදී” තවදුරටත් පවත්වන බවයි.(Newswire.lk)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart