September 25, 2026

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පතෙහි තුන්වැනි වර කියවීම සංශෝධන සහිතව, විශේෂ බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත විය.

එහිදී ඊට පක්ෂව ඡන්ද 158ක් සහ විරුද්ධව ඡන්ද 63ක් ලැබුණු අතර, කිසිවෙකුත් ඡන්දය දීමෙන් වැළකී සිටියේ නැත.

දින දෙකක විවාදයකින් අනතුරුව ඡන්ද විමසීම මීට ස්වල්ප වේලාවකට පෙර අවසන් වූ අතර, ඒ අනුව පනත් කෙටුම්පත වැඩි ඡන්ද 95කින් සම්මත විය.