September 25, 2026

ඇල්ල, රාවණා ඇල්ල ඉහළ කොටසේ පිහිටි ගල් පරයක් මත සිටියදී පය ලිස්සා අඩි 100 කට වඩා පහළට ඇදවැටීමෙන් බරපතල තුවාල ලැබූ ඉතාලි ජාතික තරුණියක් දෙමෝදර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටි 26 හැවිරිදි තරුණියකි.

ඇය තවත් ඉතාලි ජාතික තරුණියක සමඟ දින කිහිපයකට පෙර මෙරටට පැමිණ ඇති අතර, ඊයේ පස්වරුවේ රාවණා ඇල්ල නැරඹීමට පැමිණි අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ දී ඇත. ඇල්ලේ ඉහළ කොටසේ පිහිටි ගල් පරයක් මත සිටියදී ඇයගේ සමබරතාවය ගිලිහී පහළට ඇදවැටී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ ඇය වහාම දෙමෝදර රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තද, ඒ වන විටත් ඇය මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.