
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සෞදි අරාබියේ සිරදඬුවමකට සහ විශාල මුල්‍ය දඩයකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකිකයකු වන අනෝජන් සිවරාජා නැමැත්තාට රාජකීය සමාව ලබාදෙන ලෙසත්, ඔහු සම්බන්ධයෙන් සානුකම්පිතව සලකා බලන ලෙසත් ඉල්ලමින් ශ්‍රී ලංකාවේ විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ව සෞදි අරාබියේ සල්මාන් බින් අබ්දුල්අසීස් අල් සවුද් රජතුමාගෙන් ඉල්ලීමක් කර තිබේ.
නියෝජ්‍ය කථානායක ආචාර්ය රිස්වි සාලි ඇතුළු විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව 2026 සැප්තැම්බර් 21 වැනි දින යොමුකරන ලද ලිපියක් මගින්, අනෝජන් හට සහනයක් ලබාදෙන ලෙසත්, දඬුවම අඩුකරන ලෙස හෝ පනවා ඇති මුල්‍ය දඩයෙන් නිදහස් කරන ලෙස ඉල්ලා ඇත.
ශ්‍රී ලංකාවේ සිටින ඔහුගේ පවුලේ සාමාජිකයන් ඔහුගේ ආදායම මත බෙහෙවින් යැපෙන බැවින් සහ ඔහු සීමිත ආදායම් ලබන සේවකයකු බැවින්, පනවා ඇති මෙම දඩ මුදල ඔහුගේ මූල්‍ය හැකියාවට ඔරොත්තු නොදෙන බව මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත.
තමන් වරදකරු වූ සිදුවීම සම්බන්ධයෙන් අනෝජන් කණගාටුව සහ පසුතැවිල්ල පළකර ඇති බවත්, මුහම්මද් නබිනායකතුමා සහ මුස්ලිම්වරුන්ගේ ආගමික හැඟීම් කෙරෙහි ගෞරවය දක්වමින් සමාව ඉල්ලීමක් ද සිදුකර ඇති බවත් එම අභියාචනයේ සඳහන් වේ.
සෞදි අරාබියේ නීතිමය බලධාරීන්ට, ස්වෛරීභාවයට සහ අධිකරණ පද්ධතියට තමන් පූර්ණ ගෞරවය දක්වන බව අවධාරණය කරන අතරම, ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා සහ සුහදතාවය පදනම් කරගනිමින්, තනි මානුෂීය පදනම මත මෙම අභියාචනය ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැඩිදුරටත් සඳහන් කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart