
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට පූර්ව ළමාවියේ පසුවන දරුවන්ගේ ඩිජිටල් තිර භාවිතය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, එම වයස් කාණ්ඩයේ දරුවන්ගෙන් සියයට 64ක්ම දිනකට පැයකට වැඩි කාලයක් ජංගම දුරකථන හෝ පරිගණක නරඹමින් කාලය ගතකරන බව සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මේ බව පැවසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව කුඩා දරුවෙකු ඩිජිටල් තිරයක් දෙස බැලිය යුත්තේ දිනකට විනාඩි 30කටත් වඩා අඩු කාලයක් වුවද, ලංකාවේ දරුවන්ගෙන් 64%ක්ම එම සීමාව ඉක්මවා යමින් දිනපතා දුරකථන හෝ පෑඩ් (Pad) භාවිත කරන බව හෙතෙම පෙන්වාදුන්නේය.
මීට අමතරව, කුඩා දරුවන්ගේ නින්ද, ආහාර රටාව සහ පියාගේ සහභාගීත්වය සම්බන්ධයෙන් ද එකී සමීක්ෂණයේදී අවධානය යොමුකළ යුතු කරුණු රැසක් හෙළි වී ඇත.
– නින්ද අඩුවීම: පූර්ව ළමාවියේ දරුවන්ගෙන් 32%ක් පමණ දිනකට නිදාගන්නේ නිර්දේශිත පැය 10 – 11ට වඩා අඩු කාලයකි.
– ආහාර ගැනීමේ පුරුදු: 43%ක් පමණ දරුවන් ආහාර ගන්නේ තිර (Screen) දෙස බලමින් වන අතර, එහිදී දරුවන්ට තමන් ගන්නා ආහාර පිළිබඳ නිසි අවධානයක් නොමැති බව ලේකම්වරයා පැවසීය.
– මුඛ සෞඛ්‍යය: දරුවන්ගෙන් 80%ක් පමණ දිනකට දෙවරක් දත් මදින බව සමීක්ෂණයේදී තහවුරු වී ඇත.
– පියවරුන්ගේ දායකත්වය: දරුවන් රැකබලා ගැනීම මවගේ පමණක් වගකීමක් ලෙස සැලකීමේ ප්‍රවණතාවක් පවතින අතර, දරුවන් සමග සමීපව කටයුතු කරන්නේ පියවරුන්ගෙන් 53%ක් වැනි අඩු ප්රමාණයකි.
දරුවන්ගේ මානසික හා ශාරීරික වර්ධනය වෙනුවෙන් මෙම තත්ත්වයන් වහා වෙනස් කරගැනීමට දෙමාපියන් කටයුතු කළ යුතු බව වෛද්‍ය අනිල් ජාසිංහ වැඩිදුරටත් අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart