
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එළඹෙන ඉරිදා පැවැත්වීමට නියමිත දැවැන්ත විරෝධතා පාගමනට පෙර තම පවුලේ සාමාජිකයින්ට එරෙහිව පාකිස්තාන රජය ලජ්ජාසහගත මර්දනයක් දියත් කර ඇති බව සිරගත කර සිටින පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ වැඩිමහල් පුත් සුලෙයිමාන් ඛාන් පවසයි.
29 හැවිරිදි සුලෙයිමාන් ඛාන් බටහිර රටවලින් ඉල්ලා සිටින්නේ පාකිස්තානය පාලනය කරන පාපතරයන්ට එරෙහිව දැඩි ස්ථාවරයක් ගන්නා ලෙසයි.
ඉදිරි විරෝධතාවයට පෙර තම පවුල බියවැද්දීමේ අරමුණින් පාකිස්තානයේ සිටින පවුලේ සාමාජිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.
ඉම්රාන් ඛාන්ගේ පාකිස්තාන් තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂය විසින් එළඹෙන ඉරිදා අගනුවර වන ඉස්ලාමාබාද් වෙත දැවැන්ත පාගමනක් කැඳවා ඇති අතර, එම විරෝධතාව දින කිහිපයක් පුරා පවත්වාගෙන යාමට සූදානම් බව එම පක්ෂයේ නිලධාරීන් ජනමාධ්‍ය වෙත පවසා ඇත.
කෙසේ වෙතත්, මෙම පාගමන වැළැක්වීමට බලධාරීන් පියවර ගනිමින් සිටින අතර, අගනුවර වීදි බහාලුම් යොදා වසා දැමීමටත්, හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා සූදානම් වන ලෙස ප්‍රදේශයේ රෝහල්වලට උපදෙස් ලබා දීමටත් පියවර ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart