September 24, 2026

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අද (24) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනීසිටීමට අපොහොසත් වූ බව පොලිසිය පවසයි.

ඇය දැනට වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවේ රැඳීසිටින බැවින්, ඒ සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලමින් ඇයගේ පාර්ශවයෙන් ලිඛිත ඉල්ලීමක් ලැබී ඇති බව පොලිසිය සඳහන් කරයි.

‘සිරිලිය සවිය’ අරමුදල් ගිණුම හා සබැඳි මුදල් ගනුදෙනු සහ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් දැනට සිදුවෙමින් පවතින විමර්ශනවලට අදාළව අද දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනීසිටින ලෙස ශිරන්ති රාජපක්ෂට දැනුම් දී තිබිණි.