September 24, 2026

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70 ක අල්ලසක් ලබාදීමේ සිද්ධියකට අදාළව ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ හිටපු විධායක අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරන්නේ, අවස්ථා තුනකදී ජානකී සිරිවර්ධන විසින් මෙම රුපියල් මිලියන 70ක මුදල නාමල් රාජපක්ෂ වෙත ලබා දී ඇති බවට චෝදනා එල්ල වී ඇති බවයි.

මෙම චෝදනා සහ විමර්ශන පිළිබඳ වැඩිදුර තොරතුරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඉදිරියේදී අනාවරණය කිරීමට නියමිතය.