
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මරදාන – පංචිකාවත්ත ප්‍රදේශයේ සිදු වූ කප්පම් ගැනීමේ සිදුවීමක් ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් සම්බන්ධයෙන් කොටුව පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
මෙම සිදුවීම Apple iPhone 13 Pro Max වර්ගයේ ජංගම දුරකථනයක් අලුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් පාරිභෝගිකයෙකු සහ ජංගම දුරකථන අලුත්වැඩියා කිරීමේ ආයතනයක් අතර ඇති වූ ආරවුලක ප්‍රතිඵලයක් බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.
පොලිසියට අනුව, පසුගිය අගෝස්තු 30 වැනිදා පිටකොටුව ප්‍රදේශයේ වෙළඳ සංකීර්ණයක පිහිටි වෙළඳසැලකට අදාළ පාරිභෝගිකයා විසින් දුරකථනයේ තිරය අලුත්වැඩියා කිරීම සඳහා භාර දී ඇත. එම අලුත්වැඩියාව සඳහා වෙළඳසැල විසින් රුපියල් 16,000ක මුදලක් අය කර ගනිමින් දුරකථනය නැවත පාරිභෝගිකයා වෙත ලබා දී තිබේ.
අලුත්වැඩියාව නිසි ලෙස සිදු කර නොමැති බව පවසමින් අදාළ පාරිභෝගිකයා පසුදින නැවත වෙළඳසැල වෙත පැමිණ ඇත. එහිදී ඇති වූ බහින්බස්වීම අතරතුර ඔහු සිය ජංගම දුරකථනයෙන් වෙළඳසැලේ දර්ශන පටිගත කිරීමට පටන් ගෙන තිබේ. එහිදී වෙළඳසැල් හිමියා විසින් ඔහුගේ දුරකථනය උදුරා ගෙන වෙළඳසැලේ තබාගෙන ඇති බව පැවසේ.
පසුව සැප්තැම්බර් 20 වන දින අදාළ පාරිභෝගිකයා කඩුවක් ද රැගෙන නැවත වෙළඳසැලට පැමිණ, සිය දුරකථනය ආපසු ලබා දෙන ලෙසත් අලුත්වැඩියා ගාස්තුව නැවත ගෙවන ලෙසත් බල කරමින් අලාභහානි සිදු කර ඇත. පසුව ඔහු මෝටර් රථයකින් එම ස්ථානයෙන් පලා ගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව පරීක්ෂණ ආරම්භ කළේය. පලා යාමට භාවිත කළ රථයේ ලියාපදිංචි හිමිකරු ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ පොලිසිය, සැප්තැම්බර් 23 වැනිදා ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බත්තරමුල්ල, කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධියට යොදාගත් මෝටර් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සඳහා යොදාගත් බව කියන කඩුව සොයා ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
මෙම සිදුවීම ජංගම දුරකථන අලුත්වැඩියාවක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලකට අදාළව මිස සංවිධානාත්මක කප්පම් ගැනීමේ සිදුවීමක් නොවන බවට මූලික පරීක්ෂණවලදී තහවුරු වූ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart