
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව තිරසාර ලෙස ශක්තිමත් කිරීම උදෙසා ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට සෘජුවම ප්‍රතිපාදන ලබාදෙන නව ‘ආයුබෝ’ දිනපතා ලොතරැයිය ජනගත කිරීමේ අවස්ථාවට ඊයේ (23) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ සිදුවිය.
මෙම ලොතරැයියෙන් ලැබෙන මුදල් සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීමට, නවීන වෛද්‍ය උපකරණ සහ තාක්ෂණය ලබාගැනීමට මෙන්ම හදිසි සෞඛ්‍ය තත්ත්වයන්ට මුහුණදීම සඳහා යොදවන බව සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේය.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය සහ ජාතික ලොතරැයි මණ්ඩලය එක්ව හඳුන්වාදෙන මෙම ලොතරැයියේ පළමු දිනුම් වාරය විශේෂ දිනුම් වාරයක් ලෙසින් 2026 ඔක්තෝබර් මස 12 දින දිනුම් ඇදීමට නියමිතය.
මෙම ලොතරැයිපතක් මිලදී ගැනීමෙන් ජනතාවට දිනුම් ඇදීමකට සම්බන්ධ වනවාට අමතරව රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව සඳහා සෘජු දායකත්වයක් සැපයීමට ද හැකි වේ.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට විවිධ ආයතන හරහා දායකත්වයන් සැපයීම ඉතා වටිනා බවත්, එම සියලු දායකත්වයන් තුළින් මෙරට ජනතාවට ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබාදීමට හැකි වන බවත් මෙහිදී අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart