September 24, 2026

ශ්‍රී ලංකාවට පැමිණි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පපාජෝර්ජියෝ සර්ව ජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර සමග සාකච්ඡාවක් පවත්වා ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් වීම, ඉදිරියේ පවතින අභියෝග සහ ශක්තිමත් හා ප්‍රතිරෝධී ආර්ථිකයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු කරගෙන තිබේ.

ශ්‍රී ලංකා සංචාරය අතරතුර ඔහු හමුවී මෙවැනි සංවාදයක නිරත වීමට ලැබීම සතුටට කරුණක් බව දිලිත් ජයවීර පවසයි.