September 23, 2026

ණය වැඩසටහන සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පරස්පර ප්‍රකාශ සිදු කරමින් සිටිය ද වැදගත් වන්නේ ජාත්‍යන්තරය හමුවේ රටේ විශ්වාසය ආරක්ෂා කර ගනිමින් ආර්ථිකය මෙහෙයවීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන අවසන් වූ පසුව ද රට හමුවේ නිවැරදි වැඩපිළිවෙළක් සහ මූල්‍ය සුරක්ෂිතභාවයක් පැවතීම අතිශය වැදගත් බවයි.

ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු අනෙකුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල සහය ලබා ගත හැක්කේ ආර්ථිකමය සහ මූල්‍යමය වශයෙන් සාර්ථක වැඩපිළිවෙළක් පවතින්නේ නම් පමණක් බව ද ඔහු පැවසුවේය.

එමෙන්ම මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ එවැනි ගනුදෙනු සිදු කිරීමේදී ශ්‍රී ලංකාවේ අනන්‍යතාව ආරක්ෂා කර ගනිමින් ආර්ථිකමය වශයෙන් දැඩි පීඩනයකට ලක් නොවී මෙරට ආර්ථික ප්‍රතිපත්ති සඳහා අනුගත වී කටයුතු කිරීම ද වඩාත් වැදගත් බවයි.