
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජ්‍ය සහ පෞද්ගලික අංශය ඔස්සේ රට තුළ රැකියා උත්පාදනය වීම සහ ඊට සාපේක්ෂව රට හැර යන ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව ද සැලකිව යුතු මට්ටමකට ළඟා වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ජනමාධ්‍ය හමුවේ අදහස් පළ කළේය.
එහිදී මන්ත්‍රීවරයා පැවසුවේ රට තුළ ගත වූ වසර දෙක සහ තුනක කාලය තුළ වසරකට 325,000 ක පමණ රැකියා අවස්ථා ප්‍රමාණයක් රැකියා වෙළඳපළට පැමිණ ඇති බව ඒ ඔස්සේ වසරකට රැකියා වර්ධනය ලක්ෂ තුනහමාරක් පමණ වන බවයි.
ඉන් රැකියා 20,000 ක් පමණ රාජ්‍ය අංශය ඔස්සේ බිහිවන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා පෞද්ගලික අංශයෙන් රැකියා 20,000 ත් 40,000 ත් අතර ප්‍රමාණයක් බිහිවන විට ඉතිරි ප්‍රමාණය රටින් පිටතට යන බව පෙනෙන්නට ඇතැයි ද ඔහු පැවසුවේය.
පසුගිය වසරේදී එලෙස රටින් පිටව ගිය ශ්‍රමිකයින් සංඛ්‍යාව ලක්ෂ 3 ක් පමණ වන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ මෙම වසරේ රැකියා සඳහා විදෙස්ගත වන ශ්‍රමිකයින් සංඛ්‍යාවේ ඉලක්කය 270,000 ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවයි.
පුද්ගලික අංශයේ රැකියා බිහිකිරීම සඳහා එම ශ්‍රමිකයින් රට තුළ නොසිටීම අවධානය යොමු කළ යුතු තත්වයක් බව ද මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart