
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීනයේ තරුණ රැකියා වියුක්ති අනුපාතය පසුගිය අගෝස්තු මාසයේදී සියයට 18.9 දක්වා ඉහළ ගොස් ඇති අතර, එමගින් අධික තරගකාරී ශ්‍රම වෙළඳපොළට පිවිසෙන වාර්තාගත විශ්වවිද්‍යාල උපාධිධාරීන් පිරිස මුහුණ දෙන වැඩෙන අභියෝගයන් මනාව පිළිඹිබු වේ.
මන්දගාමී වී ඇති දේශීය ඉල්ලුම, ආර්ථිකයේ සිදුවන පසුබෑම සහ කෘත්‍රිම බුද්ධිය (AI) මගින් ප්‍රවේශ මට්ටමේ රැකියා විස්ථාපනය වීම හෝ වෙනස්කම්වලට ලක්වීම පිළිබඳ පවතින බිය, මෙම රැකියා අර්බුදය තවදුරටත් උග්‍ර කිරීමට හේතු වී තිබේ.
චීනයේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් පසුගිය සතියේ නිකුත් කරන ලද දත්තවලට අනුව, සිසුන් හැර වයස අවුරුදු 16-24 අතර තරුණ තරුණියන්ගේ රැකියා වියුක්ති අනුපාතය ජූලි මාසයේ පැවති සියයට 17.9 සිට අගෝස්තු මාසයේදී සියයට 18.9 දක්වා ඉහළ ගොස් ඇත.
මෙම අගය පසුගිය වසරේ අගෝස්තු මාසයේ සටහන් වූ අනුපාතයට සමාන වන අතර, 2023 වසරේදී තරුණ රැකියා වියුක්තිය ගණනය කිරීම සඳහා සංශෝධිත ක්‍රමවේදය හඳුන්වා දීමෙන් පසුව වාර්තා වූ ඉහළම අගයන් අතරට ද මෙය අයත් වේ.
පැරණි ක්‍රමවේදය යටතේ 2023 ජූනි මාසයේදී චීනයේ තරුණ රැකියා වියුක්තිය සියයට 21.3 ක අගයක් ගෙන තිබුණි. කෙසේ වෙතත්, නව සංශෝධිත ගණනය කිරීම්වලින් අධ්‍යාපනය ලබන සිසුන් ඉවත් කර ඇති බැවින්, පෙර දත්ත සමග සෘජුව සැසඳීම අපහසු වේ.
මෙම ගිම්හාන ඍතුවේදී විශ්වවිද්‍යාල සිසුන් මිලියන 12.7 ක් පමණ උපාධිය ලබා පිටතට පැමිණ ඇති අතර, අඩාල වූ ආර්ථික ක්‍රියාකාරකම් හේතුවෙන් දැනටමත් පීඩනයට ලක්ව ඇති ශ්‍රම වෙළඳපොළට එමගින් තවත් විශාල බරක් එක්වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart