
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරගැනීම සඳහා ජනමතවිචාරණයක් පැවැත්වීම අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමෙන් අනතුරුව, දෙදින විවාදයකින් පසු ලබන සිකුරාදා (25) පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් එය අනුමත කරගැනීමට නියමිතව තිබේ.
අතිශය අවධානයට ලක්ව තිබූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කතානායක ජගත් වික්‍රමරත්න සඳහන් කළේ, ’22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය’ පනත් කෙටුම්පතේ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තිය ප්‍රකාරව ජනමතවිචාරණයකින් ජනතාව විසින් අනුමත කිරීම අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බවයි.
එම තීන්දුවට අනුව, පනත් කෙටුම්පතේ 2 වැනි වගන්තියේ සඳහන් වන “හැට හතට එළඹෙන දිනය” යන වැකි කොටස “හැට හත සම්පූර්ණ කළ දිනය” ලෙස සංශෝධනය විය යුතු බව කතානායකවරයා නිවේදනය කළේය.
එමෙන්ම, “මෙම පනත බලත්මක වන දිනට අග්‍රවිනිශ්චයකාර ධුරය හොබවන කිසිදු තැනැත්තකු සඳහා පළමු නියමයේ සඳහන් වසර හයක ධුර කාලසීමාව අදාළ නොවිය යුතුය” යන කොටස 2 වැනි වගන්තියේ දෙවැනි නියමය ලෙස ඇතුළත් කළ යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දක්වා ඇති බව හෙතෙම පැවසීය.
මීට අමතරව, ‘අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පතේ’ ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බැවින් එය පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයකින් සම්මත කළ හැකි බවට ද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බව කතානායකවරයා වැඩිදුරටත් පැවසීය.
යෝජිත 22 වැනි සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 67ක් වැනි වාර්තාගත සංඛ්‍යාවක් ගොනුකර තිබූ අතර, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පස්දෙනකුගෙන් යුත් විනිසුරු මඬුල්ලක් විසින් එම පෙත්සම් සලකා බලන ලදී.
මෙම යෝජිත සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදයට බලපෑම් එල්ල කළ හැකි බවට තර්ක කරමින්, ඊට අදාළව ජනමතවිචාරණයක් පවත්වන ලෙස විපක්ෂයේ දේශපාලන පක්ෂ ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart