
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීතිවිරෝධී ලෙස කසිප්පු ළඟ තබාගැනීමේ චෝදනාවකට වරදකරු කරමින් රත්නපුර මහේස්ත්රාත් අධිකරණය මඟින් නියම කර තිබූ වසර දෙකක සිරදඬුවම සහ දඩය අවලංගු කළ රත්නපුර මහාධිකරණය, අදාළ විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කර තිබේ.
මෙසේ නිදහස් කරනු ලැබුවේ රත්නපුර ප්රදේශයේ පදිංචිකරුවකු වන ඩික්සන් හෙට්ටිආරච්චි නැමැත්තෙකි.
මහේස්ත්රාත් අධිකරණ තීන්දුවට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය සලකා බැලූ රත්නපුර අංක (1) මහාධිකරණ විනිසුරුවරිය මෙම තීන්දුව ප්රකාශයට පත්කළාය.
මහේස්ත්රාත්වරයා විසින් ලබාදී තිබූ පිටු 38කින් යුත් නඩු තීන්දුවේ බරපතළ දෝෂ පවතින බව පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරිය, එම තීන්දුව සම්පූර්ණයෙන්ම නිෂ්ප්රභ කරන බව ප්රකාශ කළාය.
මහේස්ත්රාත් අධිකරණය විසින් සිරදඬුවම් නියම කිරීමෙන් අනතුරුව, විත්තිකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අභියාචනයට යටත්ව ඇප ඉල්ලා සිටියද මහේස්ත්රාත්වරයා ඇප ලබාදීම ප්රතික්ෂේප කර තිබිණි.
ඒ හේතුවෙන් අභියාචනා තීන්දුව ප්රකාශයට පත්වන තෙක් වසරක කාලයක් විත්තිකරුට බරපතළ වැඩ සහිතව සිරදඬුවම් විඳීමට සිදුවී තිබූ අතර, මහාධිකරණ තීන්දුවත් සමඟ ඔහු සියලු චෝදනාවලින් නිදහස් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart