
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘දිට්වා’ සුළි සුළඟින් සිදු වූ විනාශකාරී ගංවතුර සහ නායයෑම් පිළිබඳ මතකය තවමත් නොමැකී පවතින පසුබිමක, ඉදිරි ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී ශ්‍රී ලංකාවට අතිශය තීරණාත්මක කාලපරිච්ඡේදයක් විය හැකි බවට කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවති.
සක්‍රීය වෙමින් පවතින ‘එල් නීනෝ’ කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනට සාමාන්‍යයෙන් ලැබෙන වැසි, තද සුළං සහ නායයෑම් අවදානම තවදුරටත් වැඩිවිය හැකි බව ඔවුහු පෙන්වා දෙති.
මේ පිළිබඳව ‘ඩේලි මිරර්’ පුවත්පතට අදහස් දක්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථන හා පූර්ව අනතුරු ඇඟවීම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජේ ඩබ්ලිව් කරුණාරත්න පවසා ඇත්තේ, වර්ධනය වෙමින් පවතින එල් නීනෝ තත්ත්වය හමුවේ දැනට පවතින වැසි සහිත කාලගුණය ඉදිරියේදී තවදුරටත් උග්‍ර විය හැකි බවයි.
බෙංගාල බොක්කෙහි අන්දමන් මුහුදු තීරයට ඉහළින් පිහිටා ඇති පීඩන අවපාතය දිවයිනට ඍජු බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා නොකළද, එම පද්ධතිය දෙසට හමන සුළං ධාරා හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට තවදුරටත් වැසි සහිත කාලගුණයක් පැවැතීමට ඉඩ ඇති බව ද ඔහු පැවසීය.
සැප්තැම්බර් 23 වැනිදායින් පසු වැසි තත්ත්වයේ යම් අඩුවීමක් පැවතිය හැකි වුවද, සැප්තැම්බර් 27 වැනිදායින් පසු මිලිමීටර් 100 ට වැඩි තද වැසි නැවත ආරම්භ විය හැකි බවත්, ඒ අනුව ඉදිරි කාලපරිච්ඡේදය අතිශය වැදගත් සහ අවධානයෙන් සිටිය යුතු කාලයක් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
“ඔක්තෝබර් සහ නොවැම්බර් මාස කියන්නේ තද සුළං සහ නායයෑම් අවදානම පැත්තෙන් අතිශය තීරණාත්මක කාලපරිච්ඡේදයක්. සාමාන්‍යයෙන් මේ කාලෙට අපිට වැසි ලැබෙනවා, නමුත් පවතින එල් නීනෝ තත්ත්වයත් එක්ක තත්ත්වය තවත් බරපතල වෙන්න පුළුවන්,” යනුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජේ ඩබ්ලිව් කරුණාරත්න පවසයි.
මේ තත්ත්වය ‘දිට්වා’ සුළි සුළඟේ තරම් මහ පරිමාණයේ එකක් නොවිය හැකි වුවත්, එයින් එල්ල වන බලපෑම ඉතා විශාල එකක් විය හැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, තෙත් කලාපය පුරා ඇදහැලුණු තද වැසි හේතුවෙන් ගංගාවල ජල මට්ටම ඉහළ යමින් පවතින බවත්, ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
පසුගිය දිනවලට සාපේක්ෂව වැසි තත්ත්වයේ යම් අඩුවීමක් දක්නට ලැබුණද තවදුරටත් වැසි ඇදහැලෙමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ එල් එස් සූරියබණ්ඩාර පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart