
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන විදේශ විනිමය ණය ශ්‍රේණිගත කිරීම ‘CCC+’ මට්ටමේ සිට ‘B-‘ දක්වා ඉහළ නැංවීමට ‘ෆිච් රේටින්ග්ස්’ (Fitch Ratings) ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ආයතනය අඟහරුවාදා කටයුතු කර ඇති අතර, එරට ඉදිරි දැක්ම ස්ථාවර මට්ටමේ පවත්වා ගැනීමට පියවර ගෙන තිබේ.
බාහිර මුල්‍යකරණ අවදානම් ලිහිල් කිරීමට හේතු වූ ප්‍රතිපත්ති සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මෙලෙස ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීමට හේතු වූ බව එම ආයතනය පවසයි.
“මෙම ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීම මගින් බාහිර මුල්‍යකරණ අවදානම් ලිහිල් කළ හැකි ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මගින් සවිමත් කරන ලද සාර්ව ආර්ථික ස්ථාවරත්ව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ බාහිර බලපෑම් හමුවේ ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කරයි” යනුවෙන් එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
කෙසේවෙතත්, තවමත් පවතින ඉහළ ණය සහ ණය සේවා අනුපාත මෙන්ම, සාපේක්ෂව අඩු මට්ටමක පවතින විදේශ විනිමය සංචිතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ණය තත්ත්වයට යම් බාධාවන් පැවැතීම වළක්වාලිය නොහැකි බවට ෆිච් ආයතනය අනතුරු අඟවයි.
සියලුම ඉන්ධන ආනයනය කරනු ලබන ශ්‍රී ලංකාවට, ඇමෙරිකා-ඉරාන ගැටුම හේතුවෙන් ඉහළ ගිය බලශක්ති මිල ගණන් හමුවේ වසර තුනක අතිරික්තයකට පසුව 2026 වසරේදී ජංගම ගිණුමේ හිඟයක් ඇතිවීමට බලපෑ හැකි බව පැවසේ. කෙසේවෙතත්, ස්ථාවර ලෙස ඉහළ යන විදේශ ප්‍රේෂණ මෙම පීඩනය සමනය කිරීමට උපකාරී වේ.
මෙම පීඩනයන් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය නම්‍යශීලීව පවතින බව පවසන ෆිච් ආයතනය, අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සහ අනෙකුත් බහුපාර්ශ්වික ආයතනවලින් ලැබෙන මූල්‍ය පහසුකම් මගින් කෙටිකාලීන ජංගම ගිණුම් පීඩනය අවම කර ගැනීමට ස්ථාවර බාහිර සහායක් ලැබෙන බවද පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart