
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමික අනෝජන් සිවරාසා වෙනුවෙන් සහනයක් ඉල්ලා ශ්‍රී ලංකා රජයේ අභියාචනා ලිපිය භාරදීම සඳහා නියෝජ්‍ය කථානායක රිස්වි සාලිහ්ගේ ප්‍රධානත්වයෙන්, ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත දූත මණ්ඩලයක් සෞදි අරාබිය බලා පිටත් කර හැරීමට යෝජනා වී ඇති බව විදේශ අමාත්‍ය විජිත හේරත් අද පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.
පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍ය හේරත් පැවසුවේ, ලබන සතියේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිය අතරතුර තමන් පෞද්ගලිකවම සෞදි විදේශ අමාත්‍යවරයා හමු වී රාජකීය සමාව ලබාදීම, දඬුවම ලිහිල් කිරීම හෝ වෙනත් කිසියම් සහනයක් ලබා ගැනීම සඳහා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.
තවද, මෙම නීතිමය මැදිහත්වීම් සඳහා සෞදි අරාබියේ නීතිඥ සමාගම් සහ අදාළ බලධාරීන් සමඟ සම්බන්ධීකරණය වීමට ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා සිය පෞද්ගලික වියදමින් සෞදි අරාබිය බලා යෑමට එකඟ වී ඇති බව ද අමාත්‍යවරයා අනාවරණය කළේය.
මෙතෙක් රජය ගෙන ඇති පියවර පිළිබඳව කරුණු දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, රියාද් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අනෝජන් සිවරාසා සමඟ සෘජුවම සම්බන්ධ වෙමින් කොන්සියුලර් සහාය ලබා දෙන අතර, සවුදි අරාබියේ ඉහළ අධිකරණ වෙත අභියාචනා ඉදිරිපත් කළ හැකි මාර්ග පිළිබඳව වාර්තා කිරීමට ද කටයුතු යොදා ඇති බවයි.
මෙම නඩුවට අදාළ දැනට සිදුව ඇති සහ ඉදිරියට සිදුවන සියලුම වියදම් දැරීමට රජය භාරගෙන ඇති අතර, කොළඹ පිහිටි සවුදි තානාපති කාර්යාලය සමඟ ද රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා පවත්වන බව ඔහු සඳහන් කළේය. මීට අමතරව විශේෂ ජනාධිපති දූත මණ්ඩලයක් ද සෞදි අරාබිය බලා පිටත්ව යෑමට සූදානම් කරමින් සිටී.
“මේ සම්බන්ධයෙන් රජය උපරිමයෙන් කටයුතු කරමින් සිටිනවා” යැයි පාර්ලිමේන්තුව හමුවේ පැවසූ අමාත්‍යවරයා, සිවරාසාගේ පවුලේ ඥාතීන්ටද මේ වන විට ගෙන ඇති සියලුම පියවර පිළිබඳව දැනුවත් කර ඇති බව සඳහන් කළේය.
මෙම පියවරයන් අඩපණ විය හැකි හෝ දෙරට අතර සබඳතාවලට හානි විය හැකි ආකාරයේ ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙසත්, වගකීමෙන් කටයුතු කරන ලෙසත් ඔහු සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කළ අමාත්‍ය හේරත්, ලියාපදිංචි විදේශගත ශ්‍රමිකයෙකු වන සිවරාසා 2025 සැප්තැම්බර් මාසයේදී සවුදි අරාබියට ගොස් ඇති බව පැවසීය. ෆේස්බුක් සටහනක් හේතුවෙන් ඔහුට රැකියාව අහිමි වී ඇති අතර, පසුව ඉස්ලාම් දහමට සහ සෞදි නීතියට අගෞරව කිරීමේ චෝදනාව මත 2026 ජූලි 2 වන දින අත්අඩංගුවට ගෙන ඇත. ජූලි 27 වැනි දින ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් සයිබර් අපරාධ විරෝධී නීතිය යටතේ ඔහුට වසර පහක සිරදඬුවමක් සහ සවුදි රියාල් මිලියන තුනක දඩයක් නියම කරන ලදී. පසුව ඔහු තමා අතින් සිදු වූ වරද පිළිගනිමින් ෆේස්බුක් ඔස්සේ වීඩියෝවක් මගින් සමාව අයැද සිටියේය.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ජූලි 31 වැනිදා අදාළ තීන්දුව ලැබුණු අතර අභියාචනා ක්‍රියාවලිය පිළිබඳව ඔහුගේ පවුල දැනුවත් කර ඇත. අගෝස්තු 4 වැනිදා ඔහුගේ පියා අභියාචනයකට කැමැත්ත පළකිරීමෙන් පසු අගෝස්තු 24 වැනිදා අභියාචනා පෙත්සම ගොනුකර තිබේ. කෙසේවෙතත්, ෂරියා නීතිය යටතේ සෞදි රජය විසින් කරන ලද අභියාචනයකින් පසුව, මුහම්මද් නබිතුමාට අපහාස කිරීමේ චෝදනාව මත සැප්තැම්බර් 17 වැනි දින අධිකරණය විසින් ඔහුට මරණ දඬුවම නියම කරන ලදී.
සැප්තැම්බර් 20 වැනිදා ලැබුණු සහ සැප්තැම්බර් 21 වැනිදා පරිවර්තනය කරන ලද ලිඛිත තීන්දුව මගින් අදාළ නියෝගය තහවුරු කර ඇති බවත්, පනවා තිබූ දඩය අත්හිටුවා ඔහුගේ ෆේස්බුක් ගිණුම අක්‍රීය කිරීමට නියෝග කර ඇති බවත් අමාත්‍ය හේරත් වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකා රජය මේ වන විට සෞදි සහ දේශීය නීති විශාරදයන් සමඟ අදාළ තීන්දුව අධ්‍යයනය කරමින් සිටින අතර රාජ්‍යතාන්ත්‍රික, කොන්සියුලර් සහ මානුෂීය මාර්ග ඔස්සේ ඔහුට සහනයක් ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට වැඩිදුරටත් පැවසීය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart