
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නාඳුනන පුද්ගලයන් පිරිසකගේ පහර කෑමට ලක්වූ 75 හැවිරිදි පුද්ගලයකු බරපතළ තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි කුරුණෑගල පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල වඳුරාගල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව වාර්තා වේ.
මියගිය පුද්ගලයාගේ පුතා ඩුබායි රාජ්‍යයේ සිටින අතර ඔහු විසින් විවිධ පුද්ගලයන් හට ඩුබායි රටේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කර තිබෙන බව පොලිසිය සඳහන් කරයි.
මෙම පහරදීම පහරදීම එම මුදල් සම්බන්ධව ආරවුල් ඇති වූ පිරිසකගේ ක්‍රියාවක් බවට පොලිසිය පොලීසිය සැක පළ කරයි.
පහරදීමට සම්බන්ධ සැකකරුවන් සොයා කුරුණෑගල පොලීසිය ඉදිරි විමර්ශන සිදුකරන බව පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart